අට

aṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සතට එකකින් වැඩි නවයට එකකින් අඩු වූ සංඛ්‍යාව.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. කෙනකු උපන් ලග්නයේ සිට අටවැනි රාශියය; මාරක ස්ථානය; ආයු ස්ථානය.
3. නා.ප්‍ර. කැලෑව; වනය; අටවිය; අරණ්‍යය.
4. නා.ප්‍ර. ගමන; පියාසර කිරීම; ප්‍රයාණය.
5. නා.ප්‍ර. කෝලාහලය; කලහය; සංග්‍රාමය.
6. (කථා.) නා.ප්‍ර. දවසෙහි (පෙරවරු හෝ පස්වරු) අටවැනි පැය; ඔරලෝසුවේ අටේ කණිසම.
7. නා.ප්‍ර. තේරුම; අර්ථය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ තු - අටනෙ, හැසිරීමෙහි, අටති.
√ භු. ගතියං, යාමෙහි, අටති. (පි. 38)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. eight
2. prefix. oct
3. prefix. octa