සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 27
අඤ්ඤාතක
ති. (න - අ+ඤාතක) අප්රසිද්ධ. නොනෑ, ඤාති නොවන. ‘ඤාත’ බලනු. (පි. 35)
අඤ්ඤාතකවෙස
පු. අප්රසිද්ධවෙශය, රහසිගතව හැසිරීමේ ආකාරය, වෙස්වළාගැන්ම. (පි. 35)
අඤ්ඤාතාවී
පු. දැනගත් තැනැත්තා, ප්රාඥයා. (පි. 35)
අඤ්ඤාතු
පු. දැනගත් තැනැත්තා, “ධම්මස්ස අඤ්ඤාතාරො භවිස්සන්ති” (පි. 35)
අඤ්ඤාතුකාම
ති. දැනගණු කැමැති. (පි. 36)
අඤ්ඤාපටිවෙධ
පු. රහත්බව ප්රතිවේධ කිරීම (පි. 36)
අඤ්ඤාය
පු.ක්රි. (අ+ඤා √ භු. අවබොධෙ, දැනගැන්මෙහි +ත්වා+ආය) දැන, අවබොධ කොට, ති. න්යාය නොවන, (ඇන්නෑව) (පි. 36)
අඤ්ඤාවිමොක්ඛ
පු. අඤ්ඤින්ද්රියයාගේ පර්ය්යවසානයෙහි උපදනා විමොක්ෂය, ප්රඥාවිමුක්තිය, අර්හත්ඵලය.
“පහාණං කාමසඤ්ඤානං - දොමනස්සානචූභයං, ථීනස්ස ච පනූදනං - කුක්කුච්චානං නිවාරණං, උපෙක්ඛාසතිසංසුද්ධං - ධම්මතක්කපුරෙ ජවං, අඤ්ඤාවිමොක්ඛං පබ්රෑමි - අවිජ්ජායප්පභෙදනං” (පි. 36)
අඤ්ඤීන්ද්රිය
න. ස්රොතාපත්තිඵලඥානය, සකෘදාගාමි මාර්ගඥානය, සකෘදාගාමිඵලඥානය, අනාගාමිමාර්ගඥානය, අනාගාමිඵල ඥානය, අර්හත්මාර්ගඥානය යන ඥාන සය. (පි. 36)
අඤ්ඤුද්දිස්ස
ති. අනිකෙකු උදෙසා, අන්කෙනෙකු නිසා, වෙනකෙනෙකු වෙනුවෙන් දුන්. (පි. 36)
අඤ්ඤොඤ්ඤ
න. (අඤ්ඤ+අඤ්ඤ) අන්යොන්ය, එකිනෙකා. (පි. 36)
අට
√ තු - අටනෙ, හැසිරීමෙහි, අටති.
√ භු. ගතියං, යාමෙහි, අටති. (පි. 38)
අටට
න. එනම් නිරය. එනම් ගණන, අබබ. කෝටි සියක් ලක්ෂය. ‘අබ්බ’ බලනු. (පි. 38)
අටන
න. හැසිරීම, ඉබාගාතේ යාම, එහෙ මෙහෙ යාම. (පි. 38)
අටනි(නී)
ඉ. ඇඳ, ඇඳවත, ඇඳවියල, ඇඳවිට්ටම. (පි. 38)
අටල
න. ඝනදෙය, තුනී නොවන දෙය. ති. ශක්තිමත්, බලවත්. (පි. 38)
අටලි
ඉ. ගණඞ්ගණූපාහනය, සම්පටකීපයක් ඇති වහන, ශක්තිමත් මිරිවැඩිය. (පි. 38)
අටවිමුඛ
න. වන දොර, වනයට ඇතුළ්වන තැන. (පි. 38)
අටවිරක්ඛිත
පු. කැලය රකින්නා, කැලෑ මුලාදෑනියා. (පි. 38)
අටවිසංකොප
පු. වනචර සොරුන්ගේ කෝපය, පල්හොරුන්ගේ කිපීම, වල්හොරුන්ගේ කිපීම. (පි. 38)
අටවී
ඉ. වනය, අරණ්යය, කැලෑව. (පි. 38)
අට්ට
√ චු. අනාදරෙ, අනාදරයෙහි අට්ටෙති, අට්ටයති.
පු. අටල්ල, අටලුගෙය, යුක්තිය, ඩබරය, පීඩාව, මහත. (පි. 36)
අට්ටක
පු. අටල්ල, මහත, වෙදකර්තෘ වූ එනම් ඍෂියා. (පි. 36)
අට්ටති
ක්රි. (අට්ට √ චු. පීළායං. පීඩා වෙහි +ති) පීඩාකෙරෙයි, ඩබර කෙරෙයි. (පි. 36)