සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 26
අඤ්ඤත්ථ
අ. අන්යස්ථානයක, අන්තැනෙක, වෙන තැනෙක. (පි. 35)
අඤ්ඤත්ථික
ති. දැනගණුකැමැති, අවබෝධකරගණු කැමැති. (පි. 35)
අඤ්ඤත්ර
අ. අන්තන්හි, මෙයින් පිටත් තන්හි, ඇර, හැර. (පි. 35)
අඤ්ඤත්රඅධිමානා
ඉ. අධිගත ධර්ම ඇත්තෙමි යන තද මාන නැතිව. (පි. 35)
අඤ්ඤතාවින්ද්රිය
න. අර්හත්ඵලඥානය. (පි. 36)
අඤ්ඤතිත්ථිය
පු. (නිගණ්ඨාදී) අන්යතීර්ථකයෝ. (පි. 35)
අඤ්ඤථත්ත
න. අන්යථාත්වය, අන්පරිද්දකින් වූව, සැකය. (පි. 35)
අඤ්ඤථා
අ. අන්පරිද්දකින්, අන්යාකාරයකින්. (පි. 35)
අඤ්ඤථාභාව
පු. අන්පරිද්දකින් වීම, විපර්ය්යාසය. (පි. 35)
අඤ්ඤදත්ථු
අ. එකාන්තයෙන් යන අර්ථයෙහි. සහතිකලෙස යන අර්ථයෙහි. (පි. 35)
අඤ්ඤදා
අ. එක්කලෙක, වෙනකාලයක. (පි. 35)
අඤ්ඤදිට්ඨික
ති. ශාසනයෙන් පිටත් අන්යලබ්ධි ගෙන සිටින. (පි. 35)
අඤ්ඤපදත්ථප්පධාන
පු. සමාස වන පදයන්ගේ අර්ථය නොගෙන වෙන පදයක අර්ථය ගැනීම, අන්යපදාර්ථ ප්රධාන බහුව්රීහි සමාසය. (පි. 35)
අඤ්ඤබ්යාකරණ
ති. රහත්බව පැවසීම. (පි. 35)
අඤ්ඤමඤ්ඤ
න. අන්යොන්ය, එකිනෙක. (පි. 35)
අඤ්ඤවාද
පු. අන්යවාදයක්, වෙනින් වාදයක්. (පි. 35)
අඤ්ඤවිහිත
ති. අන්තන්හි පවත්වන ලද, අන්අරමුණුවල පවත්වනලද. නොයෙක් අරමුණුවල පැවැති. (පි. 35)
අඤ්ඤා
ඉ. රහත්පලය, රහත්බව. “අඤ්ඤා තු අරහත්තඤ්ච” (පි. 35)
අඤ්ඤාකොණ්ඩඤ්ඤ
පු. එනම් 1 වෙනි රහතන්වහන්සේ, කොණ්ඩඤ්ඤ තෙමේ චතුස්සත්යාවබෝධය කළ හෙයින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් විය. (පි. 35)
අඤ්ඤාචිත්ත
න. රහත්සිත, අර්හත්ඵල සිත, දැනගැනීම පිණිස යොදනලද සිත. (පි. 35)
අඤ්ඤාණ
න. (න - අ+ඤාණ) මෝහය, නොදැන්ම, අවිද්යාව. (පි. 35)
අඤ්ඤාණක
පු. නොදන්නා තැනැත්තා (පි. 35)
අඤ්ඤාණි
පු. අඥයා, නොදන්නා තැනැත්තා, අඥානයා. (පි. 35)
අඤ්ඤාත
ති. (ආ+ඤා. √ භු. අවබොධෙ, දැනගැන්මෙහි +ත) දැනගන්නාලද, අවබොධකළ, දැනගත්.
ති. (න = අ+ඤා. √ භු. අවබොධෙ, දැනගැන්මෙහි +ත) නොදැනගන්නාලද, අවබොධ නොකළ, අප්රකට. (පි. 35)