සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 25

අඤ්ඡති

ක්‍රි. (අඤ්ඡ. √ භු. +ති) ලකුණු කරයි. පුදයි. (පි. 34)

අඤ්ඡි

√ භු. අඤ්ඡනෙ, ඇඳීමෙහි, ලකුණු කිරීමෙහි, අඤඡති. (පි. 34)

අඤ්ඡී

√ භු. ලක්ඛණාදිසු, ලකුණු කිරීමෙහි, ප්‍රකාශ කිරීමෙහි, යාමෙහි, බැලීමෙහි. (පි. 34)

අඤ්ජති

ක්‍රි. (අඤ්ජු. √ භු. බ්‍යත්ති. ගතිකන්ති - මක්ඛණෙසු, ප්‍රකාශ කිරීම, යාම, බැබලීම, ගෑම යන මෙහි +ති) ප්‍රකාශ කෙරෙයි, යෙයි, බබලයි, ගායි. (පි. 34)

අඤ්ජන

පු. එනම් දිග්ගජයා. කලුපාට.
න. අඳුන, ඇස ගාන අඳුන්. (පි. 34)

අඤ්ජනකරණ්ඩ

පු. අඳුන් දමන භාජනය, අඳුන් හෙප්පුව දමන භාජනය. (පි. 34)

අඤ්ජනක්ඛි

ති. අඳුන් ගාන ලද ඇස් ඇති. (පි. 34)

අඤ්ජනනාළි

ඉ. අඳුන්දමන කුලාව, අඳුන් කුප්පිය. (පි. 34)

අඤ්ජනරුක්ඛ

පු. එනම්ගස, අඳුන් රුක. (පි. 34)

අඤ්ජනවණ්ණ

පු. අඳුන්වර්‍ණය, කලුපෑය. ති. ඒ ඇති. (පි. 34)

අඤ්ජනිසලාක

පු. අඳුන්ලහ, අඳුන්ගාන කූර. (පි. 34)

අඤ්ජනිසාකා

ඉ. අඳුන් කූර, අඳුන් ගාන පින්සලය. (පි. 35)

අඤ්ජනිසිපාටි

න. අඳුන්කරබියලිය, වෑ ආදි භාණ්ඩ දමන පසුම්බිය. (පි. 35)

අඤ්ජනී

ඉ. අඳුන් කුලාව, අඳුන් පෙට්ටිය, අඳුන් කූර. (පි. 35)

අඤ්ජය

ති. ඍජු, ඇද නැති. (පි. 35)

අඤ්ජලි

පු. ඇඳිලි, න. ඇඳිලි බැඳීම. (පි. 35)

අඤ්ජලිකම්ම

න. ඇඳිලි බැඳීම, දෙ අත් එකතු කොට ආචාර කිරීම, දසනඛසමොධානයෙන් කරන වැඳීම. (පි. 35)

අඤ්ජලිකරණීය

ති. (අඤ්ජලි+කර+අනීය) ඇඳිලි බැඳිය යුතු, ඇඳිලි කිරීමට සුදුසු. (පි. 35)

අඤ්ජලිකා

ඉ. ඇඳලි බැඳීම, අඤ්ජලිකර්‍මය. (පි. 35)

අඤ්ජස

පු. මාර්‍ගය, පාර, ඍජුමාර්‍ගය, කුණු කටු නැති මඟ. (පි. 35)

අඤ්ජිත

ති. (අඤ්ජු √ භු. ඉ+ත) අඳිනලද. අඳුන් ගානලද, හු කටින ලද. (පි. 35)

අඤ්ඤ

ති. අන්‍ය, අනික්, වෙන. (පි. 35)

අඤ්ඤතම

ති. එක්තරා, සමූහයකින් එකෙක්, ඇතැම්. (පි. 35)

අඤ්ඤතර

ති. එක්තරා, ඇතැම්. (පි. 35)