සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 24

අජාති

ඉ. නොඉපදීම. ති. ජාතිරහිත, හීන ජාතික, උසස් කුලනැති. (පි. 34)

අජානන

න. (න = අ+ජානන) නොදැන්ම, අඥානකම. (පි. 34)

අජානන්ත

ති. (න = අ+ජානන්ත) නොදන්නා, නොදත්. (පි. 34)

අජිකා

ඉ. එළුදෙන. (පි. 34)

අජින

පු. අඳුන් දිවියා. න. අඳුන් දිවිසම. (පි. 34)

අජිනක්ඛිප

න. දෙකට පලනලද කුරලොම් සහිත අඳුන් දිවිසම. (පි. 34)

අජිනපත්තා

ඉ. වවුලා, දුවා. (පි. 34)

අජිනප්පවෙණි

ඉ. අඳුන් දිවිසමින් කළ ඇතිරිල්ල. (පි. 34)

අජිනයොනි

පු. මුවා. (පි. 34)

අජිනසාටි

ඉ. අඳුන් දිවිසමින් කළ ඇඳුමක්. සම්ඇඳුමක්. (පි. 34)

අජිනි

ක්‍රි. (අ+ජි. √ භු. ජයෙ, දිනීමෙහි +නා+ඊ) දිනී, ජය ගත්තේය. (පි. 34)

අජිම්හ

ති. (න = අ+ජිම්හ) ඇදනැති, වක්නැති, ඍජු. (පි. 34)

අජිම්හග

ති. ඍජුව යන (ඊය). පු. ශරය. (පි. 34)

අජිර

න. මිදුල, අඞ්ගණය. (පි. 34)

අජිවචම්ම

න. අඳුන් දිවිසම. (පි. 34)

අජී

ඉ. එළුදෙන. (පි. 34)

අජීරක

පු. අජීර්‍ණරෝගය. න. අහර නොදිරීම. (පි. 34)

අජීවාලපන

න. (අජීව+ආලපන) භො රුක්ඛ, භො පබ්බත යනාදීන් ජීවිතෙන්ද්‍රිය නැති දෙයකට කරන ආමන්ත්‍රණය. (පි. 34)

අජෙගුච්ඡ

ති. (න = අ+ජෙගුච්ඡ) නොපිළිකුල්, පිළිකුල්නොවන, ජුගුප්සා නොකටයුතු. (පි. 34)

අජෙය්‍ය

ති. (න = අ+ජෙය්‍ය) නොදිරණ, ස්ථිර. නොදිනිය හැකි, නොපැරදවිය හැකි. (පි. 34)

අඤ්ච

√ චු. විසෙසණෙ, විශේෂණයෙහි, අඤ්චෙති, අඤ්චයති.
√ භු. පූජායං, පිදීමෙහි, අඤ්චති. (පි. 34)

අඤ්චති

ක්‍රි. (අඤ්චු √ ගතිම්හි, පූජායං, යාමෙහි හෝ පිදීමෙහි +ති) යෙයි, පුදයි. (පි. 34)

අඤ්චු

√ භු. ගතිපූජාසු, යාමෙහි හා පිදීමෙහි. අඤ්චති. (පි. 34)

අඤ්ඡ

√ භු. ලක්ඛණෙ පූජායං ච, ලකුණු කිරීමෙහි, ඇඳිනීමෙහි, පිදීමෙහි. අඤ්ඡති. (පි. 34)