සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 23

අජ්ඣොකාස

පු. (අධි = අජ්ඣ+අව = ඔ+කාස) අනාවරණස්ථානය, අහස, හිස්තැන, අභ්‍යවකාශය. (පි. 33)

අජ්ඣොකිරති

ක්‍රි. (අධි = අජ්ඣ+අව = ඔ+කිර √ භු. විකිරණෙ, විසිරීමෙහි +ති) වගුරුවයි, විසුරුවයි. (පි. 33)

අජ්ඣොගාහති

ක්‍රි. (අධි = අජ්ඣ+අව = ඔ+ගාහ. √ භු. විලොළනෙ ඇලළීමෙහි +ති) බැසගනී, ඇතුළත් වෙයි. (පි. 33)

අජ්ඣොගාළ්හ

ති. (අධි = අජ්ඣ+අව = ඔ+ගාළ්හ) බැසගත්, ප්‍රවිෂ්ට වූ, දියේ ගිලුනු.
“වත්තුකාමො අහං අජ්ජ - පච්චයාකාරවණ්ණනං, පතිට්ඨං නාධිගච්ඡාමි - අජ්ඣොගාළ්හොව සාගරං.” (පි. 33)

අජ්ඣොත්ථට

ති. (අධි = අජ්ඣ+අව = ඔ+ථර √ භු. සන්ථරණෙ, ඇතිරී මෙහි +ත = ට) වැසූ. යටත් කළ පොඩිකළ. (පි. 33)

අජ්ඣොත්ථරති

ක්‍රි. (අධි = අජ්ඣ+අව = ඔ+ථර √ භු. සන්ථරණෙ, ඇතිරී මෙහි +ති) යටත් කෙරෙයි, පහත් කෙරෙයි, පෙළයි. (පි. 33)

අජ්ඣොපන්න

ති. (අධි = අජ්ඣ+අව = ඔ+පද. √ භු. ගතියං, යාමෙහි +ත = අන්න) පැමිණි, ඇතුළත්. (පි. 33)

අජ්ඣොභවති

ක්‍රි. (අධි = අජ්ඣ+අව = ඔ. √ භු. සත්තායං, වීමෙහි. ධාත්වන්ත ‘ඌ’ හට ‘ඔ’ වෘද්ධියි. ඔහට අව ආදෙසයි+ති) යටත් කෙරෙයි, පීඩා කෙරෙයි. (පි. 33)

අජ්ඣොමද්දති

ක්‍රි. (අධි = අජ්ඣ+අව = ඔ+මද්ද. √ චු. මද්දනෙ, මැඩීමෙහි +ති) මිරිකයි. පාගයි පොඩිකරයි. (පි. 33)

අජ්ඣොමුච්ඡිත

ති. (අධි = අජ්ඣ+අව = ඔ+මුච්ඡ+ඉ+ත) අතිශයින් මූර්ඡිත වූ. (පි. 33)

අජ්ඣොලම්බති

(ක්‍රි - අධි = අජ්ඣ+අව = ඔ+ලම්බ. √ භු. අවසංසනෙ, එලීමෙහි +ති) එල්බෙයි, එල්ලෙයි, අරමුණු ගනී. (පි. 33)

අජ්ඣොලම්බන

න. එල්ලෙන, එල්ලීම. (පි. 33)

අජ්ඣොසාන

න. අවසානය, කම්මුතුවීම, කෙළවර, කොණ. (පි. 33)

අජ්ඣොසාය

පු. එල්ලීම, ආලම්බනය. නිමවීම. (පි. 33)

අජ්ඣොසිත

ති. (අධි = අජ්ඣ+අව = ඔ+සි. √ භු. ගතියං, යාමෙහි +ත) අවසන්කළ, නිමවන ලද, සමාප්ත කළ. (පි. 33)

අජ්ඣොහට

ති. (අධි = අජ්ඣ+අව = ඔ+හර. √ භු. ආදානෙ, ගැනීමෙහි +ත = ට) අනුභව කළ, වළඳනාලද, කනලද. (පි. 33)

අජ්ඣොහත

ති. අනුභව කළ, ගිලිනලද, වැළඳු. (පි. 33)

අජ්ඣොහරණ

න. ආහාරය අනුභවය. (පි. 33)

අජ්ඣොහරණිය

ති. (අජ්ඣොහර+අනීය) බුදියයුතු, අනුභව කටයුතු. (පි. 33)

අජ්ඣොහරති

ක්‍රි. (අධි = අජ්ඣ+අව = ඔහර. √ භු. ආදානෙ, ගැන්මෙහි +ති) අනුභව කරයි, වළඳයි. (පි. 33)

අජ්ඣොහාර

පු. ආහාරය, අනුභවය, බත්පිඩ, යැපෙන පමණ අහර. (පි. 33)

අජා

ඉ. අජධෙනුව, එළුදෙන. (පි. 34)

අජාත

ති. (න = අ+ජාත) නූපන්, හටනොගත්, නොඉපදුනු. (පි. 34)

අජාතසත්තු

පු. එනම්රජ. (මොහු බිහිවන්නටත් පළමු පියාට සතුරුවූයෙන් මේ නම ව්‍යයවහෘත විය). මගධ දේශාධිපති මහරජ. (පි. 34)