සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 22
අජ්ඣාරුහ
ති. නඟින, ආරූඪ වන. (පි. 32)
අජ්ඣාරුහති
ත්රි - (අධි = අජ්ඣ+ආ+රුහ √ භු. ජනනෙ, හටගැනීමෙහි නොහොත් ඉපදීමෙහි +ති) ඉහළට නගී. අතිශයින් වැඩෙයි. (පි. 32)
අජ්ඣාරුළ්හ
ති. (අධි = අජ්ඣ+ආ+රුහ √ භු. අනනෙ, හටගැණී මෙහි +ත = හ, ධාත්වන්ත හකාරයට ළකාරාදෙශ හා ළකාර හකාරයන්ට විපර්ය්යාසයි) ඉතාවැඩුනු, බොහෝසේ වර්ධනය වූ, වෘක්ෂාදියට නැඟි. (පි. 32)
අජ්ඣාරොප
පු. නැගීම. එනම් මහාමත්ස්යයා. (පි. 32)
අජ්ඣාරොහ
පු. (අධි = අජ්ඣ+රුප) එක් පදාර්ථයක ස්වභාවය තවත් පදාර්ථයක් කෙරෙහි නගාලීම - අධ්යාරෝපණයකිරීම. (පි. 32)
අජ්ඣාවසති
ක්රි. (අධි = අජ්ඣ+ආ+වස. √ භු. නිවාසෙ, වාසය කිරීම මෙහි +ති) වාසය කෙරෙයි. අධිපතිව වෙසෙයි. (පි. 32)
අජ්ඣාවුත්ථ
ති. අධි = අජ්ඣ+ආ+වස. √ නිවාසෙ, වාසය කිරීමෙහි +ත = උත්ථ) වාසය කළ. අධිපතිව විසූ. (පි. 32)
අජ්ඣාසය
පු. අදහස, අභිප්රාය, ආශාව. (පි. 32)
අජ්ඣාසිත
ති. (අධි = අජ්ඣ+අසා √ භු. උපවෙසනෙ, ඉඳීමෙහි +ත) අදහස් කළ, අරමුණු කළ. හුන්. (පි. 32)
අජ්ඣාහාර
පු. (අධි = අජ්ඣ+ආ+හර) අධ්යාහාර කිරීම, අවශ්යයෙන් කිවයුතු වූ පදයක් අමුතුවෙන් යොදා කීම, (පි. 32)
අජ්ඣිට්ඨ
ති. (අධි = අජ්ඣ+ඉස √ භු. පරියෙසනෙ, සෙවීමෙහි +ත = ට්ඨ) ආරාධනය කළ, අරමුණු කළ. (පි. 32)
අජ්ඣුපගමන
න. ළඟට පැමිණීම, සමීපයට යාම, එකඟ වීම, ගිවිස ගැනීම. (පි. 32)
අජ්ඣුපහත
ති. (අධි = අජ්ඣ+උප+ගම √ භු. ගතියං, යාමෙහි +ත) ලබනලද. ළඟට පැමිණි, ආශ්රයට පැමිණි. (පි. 32)
අජ්ඣුපහරති
ක්රි. (අධි = අජ්ඣ+උප+හර √ භු. හරණෙ, හැරීමෙහි +ති) උදාහරණ කෙරෙයි. කරුණු දක්වයි. තෙමේම කයි. (පි. 32)
අජ්ඣුපෙක්ඛණ
න. (අධි+උපෙක්ඛණ) බැලීම, නිරීක්ෂණය, මධ්යස්ථව කල්පනා කිරීම. (පි. 32)
අජ්ඣුපෙක්ඛති
ක්රි. අධි = අජ්ඣ+උප+ඉක්ඛ+ති) මධ්යස්ථව බලාපොරොත්තු වෙයි, මධ්යස්ථ වෙයි, මැදහත් වෙයි. (පි. 32)
අජ්ඣුපෙක්ඛා
ඉ. මධ්යස්ථභාවය, බැලීම, බලාපොරොත්තුවීම. (පි. 32)
අජ්ඣුපෙති
ක්රි. (අධි = අජ්ඣ+උප+ඉ √ භු. ගතිම්හි, යාමෙහි +ති) යුක්ත වෙයි. බලාපොරොත්තු වෙයි, මධ්යස්ථ වෙයි. (පි. 32)
අජ්ඣූපගච්ඡති
ක්රි. (අධි = අජ්ඣ+උප+ගමු = ච්ඡ+ති) ළඟට පැමිණෙයි. කැමැති වෙයි. (පි. 32)
අජ්ඣෙති
ක්රි. (අධි = අජ්ඣ+ඉ √ භු. අජ්ඣානෙ, හැදෑරීමෙහි +ති) ආසා කෙරෙයි. බලා සිටියි. ප්රාර්ථනා කෙරෙයි. (පි. 32)
අජ්ඣෙසති
ක්රි. (අධි = අජ්ඣ+ඉස. √ භු. පරියෙසනෙ, සෙවීමෙහි +ති) ආරාධනා කෙරෙයි. සතුටු කෙරෙයි, යාච්ඤා කෙරෙයි. (පි. 32)
අජ්ඣෙසන
න. (අධි = අජ්ඣ+එස) මෙය කළ මැනවැයි ගෞරව පූර්වකව ආරාධනා කිරීම. (පි. 32)
අජ්ඣෙසනා
ඉ. (අධි = අජ්ඣ+ඉස. √ භු. ගවෙසනෙ, සෙවීමෙහි +යු = අන+ආ) --- සත්කාර පෙරදැරිකොට කරන ආරාධනාව. ප්රාර්ථනාව, යාච්ඤාව. (පි. 32)
අජ්ඣෙසිත
ති. ආරාධනා කළ, සතුටු කළ. පැතූ. (පි. 32)