සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 21
අජ්ඣත්තික
ති. (අධි = අජ්ඣ+අත්ත+ණික) තමාට අයත්, තමාසතු. (පි. 31)
අජ්ඣප්පත්ත
ති. (අධි = අජ්ඣ+ආ+පත්ත) අධිපති බවට පැමිණි. (පි. 31)
අජ්ඣභවී
ක්රි. (අධි+ආ+භූ √ භු. සත්තායං, වීමෙහි, අව+ඊ) මැඩ පැවැත්විය, යටත් කෙළේය. (පි. 31)
අජ්ඣභාසි
ක්රි. (අධි = අජ්ඣ+භාස+ඊ) කීයේය, මොනවට කීයේය. (පි. 31)
අජ්ඣභූ
පු. (අධි+අ+භූ) මැඩපවත්වන්නා, අභිභවනය කරන්නා. (පි. 31)
අජ්ඣයන
න. (අධි = අජ්ඣ+ඉ √ භු. අජ්ඣයනෙ, හැදෑරීමෙහි +යු = අන) අධ්යයනය, හැදෑරීම, ඉගෙනීම. (පි. 31)
අජ්ඣාගමන
න. (අධි = අජ්ඣ+ආ+ගම+යු = අන) ඊම, ඉදිරියට ඊම, සම්මුඛයට පැමිණීම. (පි. 31)
අජ්ඣාගාර
න. (අධි = අජ්ඣ+අගාර) ස්වකීය ගෘහය, ගෙය. (පි. 31)
අජ්ඣාචරති
ක්රි. (අධි = අජ්ඣ+ආ+චර √ භු. ගතියං, යාමෙහි +ති) ඉක්ම හැසිරෙයි. (පි. 31)
අජ්ඣාචාර
පු. (අධි = අජ්ඣ+ආ+චාර) ශික්ෂාපද මැඩලීම, ඉක්ම හැසිරීම. වැරදි දේ කිරීම. (පි. 31)
අජ්ඣාචිණ්ණ
ති. (අධි = අජ්ඣ+ආ+චිණ්ණ) බෙහෙවින් පුරුදුකළ, ප්රගුණ කළ. (පි. 31)
අජ්ඣාජීව
පු. දුෂ්කර ජීවිකාව, හිරිහැර සහිත ජීවිකාව. (පි. 31)
අජ්ඣාපජ්ජති
ක්රි. (අධි = අජ්ඣ+ආ+පද. √ දි. ගතියං, යාමෙහි +ති) වරද කරයි. වරදට පැමිණෙයි. (පි. 31)
අජ්ඣාපත්ති
ඉ. (අධි = අජ්ඣ+ආ+පද+ති) වරදට පැමිණීම. (පි. 31)
අජ්ඣාපන
න. (ආ+ඣාපන) දැවීම, පිලිස්සීම.
න. අධ්යාපනය, හැදෑරවීම. (පි. 31)
අජ්ඣාපන්න
ති. (අධි = අජ්ඣ+ආපන්න) ඇතුළත්, ඇතුළට පැමිණි. වරදට පැමිණි. (පි. 31)
අජ්ඣාපර
පු. පරිවාර, පිරිවර. (පි. 31)
අජ්ඣාපීළන
න. (අධි = අජ්ඣ+ආ+පීළ √ චු. අවගාහනෙ, පෙළීමෙහි +යු = අන) පීඩා කිරීම, හිරිහැර කිරීම. (පි. 32)
අජ්ඣාපීළිත
ති. (අධි = අජ්ඣ+ආ+පීළ √ චු. අවගාහනෙ, පෙළීමෙගි+ත) පීඩා කළ, වෙහෙස කළ, විඩාවට පැමිණි. (පි. 32)
අජ්ඣාභව
ති. ප්රධාන, ශ්රේෂ්ඨ. (පි. 32)
අජ්ඣාභවති
ක්රි. (අධි = අජ්ඣ+ආ+භූ √ භු. සත්තායං, වීමෙහි, ඔ = අව+ති) ප්රධාන වෙයි, උතුම් වෙයි. (පි. 32)
අජ්ඣාය
පු. අධ්යායය, පරිච්ඡේදය, කාණ්ඩය, පාඩම. (පි. 32)
අජ්ඣායක
පු. හදාරන්නා, උගන්වන්නා, වෙදය හදාරන්නා හෝ හදාරවන්නා. (පි. 32)
අජ්ඣායකකුල
න. මන්ත්ර හදාරන බ්රාහ්මණ කුලය. (පි. 32)