සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 20

අජලණ්ඩිකා

ඉ. එළුබෙටි, එළුවසුරු. (පි. 34)

අජවත

න. අජව්‍රතය, එළුවෙකු මෙන් හැසිරීමේ හා ක්‍රියාකිරීමේ ව්‍රතය, එළුගතිය. (පි. 34)

අජ්ජ

√ චු. අජ්ජනෙ, සෑදීමෙහි, සැපයීමෙහි, අජ්ජෙති.
අ. වත්මන් කල, මේ දවස, අද.
√ භු. සජ්ජනෙ, සෑදීමෙහි, අජ්ජති. (පි. 30)

අජ්ජක

පු. හෙලබටු, එළබටු, තළනබටු. (පි. 30)

අජ්ජතග්ග

පු. (අජ්ජතො+අග්ග) අද පටන් මතු, අද සිට ඉදිරියට, “අජ්ජතග්ගෙදානි ථෙරො මය්හං භාරො.” (පි. 31)

අජ්ජතන

ති. (ඉම = අ+ජ්ජ+තන) අද වූ, අදට අයත්, වර්‍තමානික. (පි. 31)

අජ්ජතනී

ඉ. අද වූ, අදට අයත්. එනම් ආඛ්‍යාත විභක්තිය. (පි. 31)

අජ්ජතා

ඉ. අදට අයත්, මේ කාලය. (පි. 31)

අජ්ජති

ක්‍රී - (අජ්ජ+ති) සාදයි, සපයයි. (පි. 31)

අජ්ජව

න. (උජු+ණ. පූර්‍ව ‘උ’ හට ආ හා සංයොගාදිය හෙයින් හ්‍රස්වයි. පර ‘උ’ හට ‘අව’ ආදේශයි.) ඍජුබව, ඇදනැතිබව. (පි. 31)

අජ්ජවතා

ඉ. ඍජු බව, ඇදනැතිබව. (පි. 31)

අජ්ජිත

ති. රැස්කළ, එකතුකළ. (පි. 31)

අජ්ජුක

පු. කුඹුක්ගස, අර්ජුන වෘක්ෂය. (පි. 31)

අජ්ජුණ්හ

පු. සඳරැසින් යුත් මේ රාත්‍රිය. (පි. 31)

අජ්ජුන

පු. කුඹුක්ගස. (පි. 31)

අජ්ජූකණ්ණ

පියාගස. (පි. 31)

අජ්ඣක්ඛ

පු. (අධි = අජ්ඣ+අක්ඛ) අධ්‍යක්ෂයා, කර්‍මාධ්‍යක්ෂයා, ක්‍රියාවෙහි ප්‍රධානයා, අදිකාරම, සතිස්වැදෑරුම් කර්‍මයෙහි නියුක්තයා. කිරිපලුරුක. (පි. 31)

අජ්ඣක්ඛික

පු. අර්‍ධයක් ඇස් ඇත්තා, කණා, එක ඇසක් නැත්තා. (පි. 38)

අජ්ඣගා

ක්‍රි. (අධි = අජ්ඣ+ගමු = ගා+ආ) පැමිණියේය, ගියේය. අධිගම කෙළේය. (පි. 31)

අජ්ඣත්ත

න. (අධි = අජ්ඣ+අත්ත) තමාගේ සන්තානය, තමා පිළිබඳ දෙය. (පි. 31)

අජ්ඣත්තරූප

න. අධ්‍යාත්මිකරූපය, තමා පිළිබඳ රූපය. (පි. 31)

අජ්ඣත්තසංයොජන

න. අධ්‍යාත්මසංඛ්‍යාත කාමභවය පිළිබඳව පවත්නා ඡන්දරාගය, යටභාගයයි කියනලද කාමධාතුව ආශ්‍රය කරන සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද යන සංයෝජන පස. ති. ඒ සංයොජන පස ඇති. (පි. 31)

අජ්ඣත්තසමුට්ඨාන

ති. තමා පිළිබඳව උපදින තමාට අයිතිව පවතින. (පි. 31)

අජ්ඣත්තාරම්මණ

න. තමා පිළිබඳ අරමුණ. (පි. 31)