සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 19
අචින්තෙය්ය
ති. (න = අ+චින්තනීය) නොසිතිය හැකි. නොසිතිය යුතු. බුද්ධ - ඍද්ධි - ධර්ම - ලොක විෂයන් නොසිතිය හැකි කරුණු සතරෙකි. (පි. 30)
අචිර
න. (න = අ+චිර) නොබෝකාලය, ටික කාලය. (පි. 30)
අචිරප්පභා
ඉ. (න = අ+චිර+පභා) ටික කාලයක් පවත්නා ආලෝකය, විදුලිය. (පි. 30)
අචිරවතී
ඉ. පඤ්චමහා ගඞ්ගාවන්ගෙන් එකක් වූ එනම් නදිය. (පි. 30)
අචීවර
ති. (න+අ+චීවර) සිවුරු නැත්තා. සිවුරු නැති. (පි. 30)
අචෙල(ක)
පු. (න = අ+චෙල) අචෙලකයා, නග්නයා, නග්නව සිටින තාපසයා. (පි. 30)
අඡි
√ රු. ආයාමෙ, දිගට සැසීමෙහි, අඤ්ඡති. (පි. 30)
අජ
√ භු. ඛෙපනෙ, දැමීමෙහි, ගමන්හි. අජති.
පු. එළුවා, තිරෙළුවා, පළෙළුවා.
√ භු. බැහැරලීමෙහි. යාමෙහි. අජති. (පි. 30)
අජක
පු. එළුවා. (පි. 33)
අජගර
පු. එළුවන් ගිලින්නා, පිඹුරා. (පි. 33)
අජගල
පු. අජගරයා, පිඹුරා. (පි. 33)
අජච්ච
පු. (න = අ+ජච්ච) උතුම්ජාති නැත්තා, නීචයා, උසස්කුල නැත්තා. (පි. 33)
අජජ්ජර
ති. නොදිරණ, ස්ථිර, ශක්තිමත්. (පි. 33)
අජඣත්තකරණ
න. අධ්යාත්මකරණය, ඇසින් රූප දැක්මෙහි ආධාර වන්නාවූ ඒ ඒ ක්රියා කරණයෙහි නියුක්තවූවහුගේ ආත්ම සම්බන්ධය ඇතිකිරීම. (පි. 31)
අජඤ්ඤ
ති. උපද්රවරහිත, උවදුරුනැති. (පි. 33)
අජණ්ඩුක
න. එළුකුරයක ආකාර ඇති අඬුව. (පි. 33)
අජඬුමාර
පු. අනාථමරණය. (පි. 33)
අජපථ
පු. එළුවන්ගෙන් යා යුතු මාර්ගය, එළුවන්පිට නැගී හෝ එළුවන්පිට තවලම් පටවා හෝ යායුතු මාර්ගය. (පි. 33)
අජපාල
පු. එළුවන් පාලනය කරන්නා, එළුවන් බලන්නා, උරුවෙල් දනව්වෙහි සෙනානි නම් නියම්ගම පිහිටි නුග ගස. (පි. 33)
අජපාලක
පු. එළුවන් බලන්නා, උපුල්කොල. (පි. 33)
අජමොද
පු. අසමොදගම්. (පි. 33)
අජර
ති. (න = අ+ජර) ජරා නැති. න. නිවන. (පි. 33)
අජරාමර
ති. (අජර+අමර) නොදිරීම හා නොමැරීම, මේ ගුණ දෙක ඇත්තේ නිවනෙහි පමණක්ය. (පි. 33)
අජලක්ඛණ
න. එළුලකුණු, එළුවන්ගේ ලකුණු බලා ගුණාගුණ හෙවත් පලාපල කීම. (පි. 34)