සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 18

අච්ඡරාසද්ද

පු. අසුරුසන, අසුරු ගැසීමේ ශබ්දය. (පි. 29)

අච්ඡරික

පු. දිව්‍යගන්ධර්‍වනාදයක්. (පි. 29)

අච්ඡරිය

ති. ආශ්චර්‍ය්‍යය, මොහොතකදී සිදුවන පුදුමය. (පි. 29)

අච්ඡාදන

න. (ආ+ඡාදන) වස්ත්‍රය, ඇඳුම. වැසීම, ඇඳීම. (පි. 29)

අච්ඡාදෙති

ක්‍රි. (ආ+ඡද √ චු. අපවාරණෙ, මුවහකිරීමෙහි +ණෙ+ති) හඳියි, වස්ත්‍ර පරිධානය කෙරෙයි, රෙදි අඳියි. (පි. 29)

අච්ඡි

ක්‍රි. (ආස √ භු. හිදීමෙහි +ඊ. ධාත්වන්තයට ‘ච්ඡ’ ආදේශයි. ආදියට හ්‍රස්වයි. සිටියේය, නැවතුනේය.
න. ඇස. විස්මය, පුදුමය. (පි. 29)

අච්ඡිද්ද

ති. සිදුරු රහිත, කුහර නැති, එක ඝන. (පි. 30)

අච්ඡින්දති

ක්‍රි. (ආ+ඡිදි √ රු. ද්වෙධාකරණෙ, දෙකඩ කොට කැපීමෙහි +ති) කඩා ගනී, පැහැර ගනී, බලාත්කාරයෙන් ගනී. (පි. 30)

අච්ඡින්දන

න. (ආ+ඡිදි √ රු. ද්වෙධාකරණෙ, දෙකඩ කොට කැපීමෙහි +යු+අන) පැහැර ගැනීම. (පි. 30)

අච්ඡින්න

ති. පැහැර ගත්, පැහැර ගන්නා ලද. “අච්ඡින්න ඡීවරො වා හොති.” නොසුන්, නොකැපූ. (පි. 30)

අච්ඡුපති

ක්‍රි. (ආ+ඡුප √ තු. ඵස්ස, සිපගැන්මෙහි හෝ ස්පර්‍ශ කිරීමෙහි +ති) ස්පර්‍ශ කෙරෙයි, පිසදමයි, බාධා කරයි. (පි. 30)

අච්ඡුපන

න. (න = අ+ඡුපන) ස්පර්‍ශ නොකිරීම, නොහැපීම, නොගැටීම. (පි. 30)

අච්ඡෙච්ඡි

ක්‍රි. (අ+ඡිදි √ රු. ද්වෙධාකරණෙ, දෙකඩ කොට කැපීමෙහි +ඊ) සින්දේය. “අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ.” (පි. 30)

අච්ඡෙදන

න. (ආ+ඡෙදන) සිඳීම, කැපීම, පැහැර ගැනීම. (පි. 30)

අච්ඡෙර

න. ආශ්චර්‍ය්‍යය, විස්මය, පුදුමය. (පි. 30)

අච්ඡෙරක

පු. න. ප්‍රාතිහාර්‍ය්‍යය, ආශ්චර්‍ය්‍ය ක්‍රියාව. (පි. 30)

අච්ඡොදක

න. (අච්ඡ = උදක) ප්‍රසන්නජලය, පිරිසිදු වතුර. (පි. 30)

අච්ඡොදික

ති. පිරිසිදුජලය ඇති, පැහැදුනු ජලය ඇති. (පි. 30)

අචාලෙති

ක්‍රි. (න+ √ චල+ණෙ+ති) නොසෙල් වෙයි. නොසැලෙයි. (පි. 30)

අචිත්තක

ති. (න = අ+චිත්තක) සිත්නැති, කල්පනාරහිත. (පි. 30)

අචිත්තීකත

ති. (න = අ+චිත්තීකත) විසිතුරු නොකළ, සිතියම් නොකළ. (පි. 30)

අචිත්තීකාර

පු. චිත්තීකාර නොවූ, විසිතුරු නොවූ. (පි. 30)

අචින්තනීය

ති. (න = අ+චින්තනීය) නොසිතිය හැකි. නොසිතිය යුතු. බුද්ධ - ඍද්ධි - ධර්‍ම - ලොක විෂයන් නොසිතිය හැකි කරුණු සතරෙකි. (පි. 30)

අචින්තිය

ති. (න = අ+චින්තනීය) නොසිතිය හැකි. නොසිතිය යුතු. බුද්ධ - ඍද්ධි - ධර්‍ම - ලොක විෂයන් නොසිතිය හැකි කරුණු සතරෙකි. (පි. 30)