සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 17

අච්චිමන්තු

පු. ගින්න. (පි. 29)

අච්චුග්ගච්ඡති

ක්‍රි. (අති+උ+ගමු √ භු. ගතියං, යාමෙහි +ති ධාතුහුගේ අන්තයට ‘ච්ඡ’ ආදේශයි. අති+උග්ගච්ඡති) උස්ව නගී, ඉතා ඉහලට නගී. (පි. 29)

අච්චුග්ගති

ති. (අති+උග්ගත) ඉතා උස්ව නැගි, ඉතා ඉහලට නැගි. (පි. 29)

අච්චුග්ගමන

න. (අති+උග්ගමන) ඉතා උස්ව නැගීම. උස්ව යාම. (පි. 29)

අච්චුණ්හ

ති. (අති+උණ්හ) ඉතා උණු, න. අධික උෂ්ණය. (පි. 29)

අච්චුත

න. (න = අ+චු √ භු. වචනෙ, චුතවීමෙහි +ත) චුත වීමක් නැති තැන, නිවන. පු. විෂ්ණු. “නත්ථි එතස්මිං අධිගතෙ චුතං චවන්ති අච්චුතං” නිවනට පැමිණි කල්හි නැවත එයින් චුතවීමක් නොමැති හෙයින් අච්චුත යයි කියනු ලැබේ. (පි. 29)

අච්චුත්තා

ඉ. අකුරු දෙකකින් යුත් ඡන්දස, අත්‍යුක්තා ඡන්දස. (පි. 29)

අච්චුති

ති. (න = අ+චුති) චුතිරහිත, මරණ රහිත, නිවන. න. චුත නොවීම. (පි. 29)

අච්චුස්සන්ත

ති. (අති+උස්සන්න) ඉතා උසස්, ඉතා පිරුණු, ඉතා ඝන. (පි. 29)

අච්චුළාර

ති. (අති+උළාර) ඉතා උදාර, ඉතා ප්‍රෞඪ. (පි. 29)

අච්චෙක

ති. (අති+එක) ඉතිරි, වැඩි, බොහෝ, විශේෂ, අතිරෙක. (පි. 29)

අච්චෙකචීවර

න. වැඩිසිවුර, ඉතිරිසිවුර. (පි. 29)

අච්චෙති

ක්‍රි. (අති+ඉ √ භු. ගතියං, යාමෙහි +ති) - ඉක්මවා යෙයි, පසුකර යෙයි. “අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො” (පි. 29)

අච්චොගාළ්හ

ති. (අති+අව+ගාළ්හ) ඉතා ගැඹුරු, ඉතා යටට බැස ගත්, ඉතා අධික. ‘අජ්ඣොගාළ්හ’ බලනු. (පි. 29)

අච්චොදක

න. (අති+ඔදක) අධික ජලය, වැඩි වතුර. (පි. 29)

අච්චොදර

පු. (අති+උදර) මහබඩක් ඇති තැනැත්තා, බොහෝ ආහාර අනුභව කරන්නා, කෑදරයා (=බඩජාරියා). (පි. 29)

අච්චොදාත

ති. (අති+අවදාත) ඉතාසුදු. (පි. 29)

අච්ඡ

ති. ප්‍රසන්න, ඝන නොවන, තුනී. ‘අච්ඡොදක’ බලනු.
පු. වලහා, වලසා.
ක්‍රි. (ආස √ භු. උපවෙසනෙ, හිඳීමෙහි +භි. ධාත්වන්තයට ‘ච්ඡ’ආදේශයි. ආදියට හ්‍රස්වයි. ප්‍රත්‍යයට ලෝපයි.) සිටුව, නවතුව. “අච්ඡ තාව භන්තෙ යාව මමාගමනා” (පි. 29)

අච්ඡක

පු. වලසා. (පි. 29)

අච්ඡති

ක්‍රි. (ආස √ භු. උපවෙසනෙ, හිඳීමෙහි +ති ධාත්වන්තයට ‘ච්ඡ’ ආදේශයි. ආදියට හ්‍රස්වයි.) හිඳියි, ළඟ හිඳියි. (පි. 29)

අච්ඡන්ත

ති. (අ+ඡන්න) වැසුනු, ප්‍රතිඡන්න වූ. නොවැසුනු, නොවසනලද. (පි. 29)

අච්ඡම්හි

ති. (න = අ+ඡම්භි) බිය රහිත, තැති ගැනීම් රහිත. ‘ඡම්භි’ බලනු. (පි. 29)

අච්ඡරා

ඉ. අප්සරාව, දෙවඟන. “අථෙත්ථ අච්ඡරා ඔභාසයන්ති”. අසුර, ඇඟිලිදෙක එකතුකර නගන ශබ්දය. “කුක්කුච්චමත්තම්පි තෙ නත්ථිති අච්ඡරං පහරි”. (පි. 29)

අච්ඡරාසඞ්ඝාත

න. අසුරු ගැසීම, ඇඟිලිදෙක එකතු කර ශබ්ද නැගීම. (පි. 29)