සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 16
අච්චන්තයොගක්ඛෙමී
පු. අවසානය වූ නිර්වාණය ඇත්තා. (පි. 28)
අච්චන්තසංයොග
පු. නිරන්තර සංයොගය, කාල මාර්ග දෙදෙනා ද්රව්ය ගුණ ක්රියාවන් හා අතරක් නැතිව යෙදීමයි. (පි. 28)
අච්චන්තසුකුමාල
ති. ඉතා සිවුමැලි, ඉතා සැපසේ වැඩුනු. (පි. 28)
අච්චන්තානුපපත්ති
පු. අත්යන්ත අනුපපත්තිය, අතිශය අයොග්යත්වය. (පි. 28)
අච්චන්තාභාව
පු. අත්යන්ත අභාවය, අතිශයින්ම නොවීම. (පි. 28)
අච්චනා
ඉ. පූජාව, යාගය. (පි. 28)
අච්චය
පු. මරණය, අපරාධය, අතීක්රමය, ඇවෑම. (පි. 28)
අච්චයාභාව
පු. (අච්චය+අභාව) නිදොස් බව, නිරවද්ය බව, නිවැරැදි බව. (පි. 28)
අච්චසරී
ක්රි. (අති+ආ+සර √ භු. ගතියං, යාමෙහි +ඊ) ඉක්ම ගියේය. (පි. 28)
අච්චා
ඉ. ප්රතිරූපය, පිළිරුව. (පි. 28)
අච්චාධාන
න. මදක් ආපසු ඇදීම, ටිකක් පසුපෙදෙසට ඇදීම. (පි. 28)
අච්චාධාය
පු.ක්රි. (අති+ආ+ධා+ √ භු. පතිට්ඨායං, පිහිටීමෙහි +ත්වා = ය) මදක් ආපසු ඇද තබා. “දක්ඛිණෙන පස්සෙන සීහ සෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය” (පි. 28)
අච්චාභික්ඛන
න. (අති+අභික්ඛණ) නිතොර, සැමවේලේම. (පි. 28)
අච්චායත
ති. (අති+ආයත) ඉතා දිග. (පි. 28)
අච්චායික
ති. ඉක්මන්, යුහුසුලු, වහා කටයුතු පිළිවෙළකට නැති, කඩිසර. (පි. 28)
අච්චාරද්ධ
ති. (අති+ආරද්ධ) අධිකව පටන් ගන්නාලද, මහත් කොට ආරම්භ කළ. (පි. 28)
අච්චාවදති
ක්රි. (අති+ආ+වද √ භු. වචනෙ, බිණීමෙහි +ති) බොහෝ කොට කියයි, අනුන් මැඩපවත්වා කියයි. (පි. 28)
අච්චාසන
න. (අති+ආසන) සමීපය, සමීපයෙහි හිඳීම, ඉතාකිට්ටුව හිඳීම. (පි. 28)
අච්චාසන්න
ති. (අති+ආසන්න) ඉතා සමීප, ඉතාකිට්ටු, ඉතා ළඟ. (පි. 28)
අච්චාහිත
ති. (අති+ආසන්න) ඉතා බිහිසුනු, අතිශය භයානක, ඉතා ලං වූ. (පි. 28)
අච්චි
පු. ඉ. ගිනිසිළ, ගිනිදලුව, රශ්මිය.
ක්රි. (අච්ච √ භු. පූජායං, පිදීමෙහි +ඉ) පිදීය. (පි. 29)
අච්චිකා
ඉ. ගිනිදලුව. (පි. 29)
අච්චිත
ති. පුදනලද, යාග කළ. (පි. 29)
අච්චිබද්ධ
න. ලියැදිබැඳි කෙත, කුඹුර. (පි. 29)