සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 15
අචත්ත
ති. (න = අ+චත්ත) නොහරිණලද, පරිත්යාග නොකළ. (පි. 30)
අචරණ
ති. නොහැසිරෙණ, සංවරණය නොකරන. න. නොහැසිරීම. (පි. 30)
අචරි
ක්රි. (අ+චර √ භු. ගතියං, යාමෙහි,+ඊ) හැසුරුණේය. “අචරි වතායං විතුදං වනානි.” (පි. 30)
අචරිම
න. (න = අ+චරිම) පසුනොවන. ‘චරිම’ බලනු. (පි. 30)
අචල
පු. පර්වතය. ති. නිශ්චල. (පි. 30)
අචලධිති
පු. එක පාදයක ලැබු 16 බැගින් ඇතිවෘත්තය, එනම් වෘත්තය. (පි. 30)
අචලාපාදාන
පු. අපාදාන භේදයක්, රුක්ඛස්මා ඵලං පතති -- මෙහි රුක්ඛස්මා යනු අචලාපාදානයයි. (පි. 30)
අචලිත
ති. (න = අ+චරිත) නොසෙල්වුනු, වඤ්චල නොවන. (පි. 30)
අච්ච
√ භු. අගතිනැසීමෙහි, අච්චති.
√ චු. පිදීමෙහි, අච්චෙති = අච්චයති.
√ භු. (පූජායං - පිදීමෙහි) අච්චති.
පු. පූජාව, යාගය (පි. 27)
අච්චගමා
ක්රි. (අති+අ+ගමු √ භු. ගතියං, යාමෙහි +ආ) ඉක්ම ගියේය. ඉවත්ව ගියේය. “අච්චයො මං භන්තෙ අච්චගමා” (පි. 28)
අච්චගා
ක්රි. (අති+ආ+ගමු √ භු. ගතියං, යාමෙහි, ‘ගමු’හට ‘ගා’ ආදේශයි.) ඉක්ම ගියේය, පසුකර ගියේය. ‘උපච්චගා’ බලනු. (පි. 28)
අච්චඞ්කුස
පු. (අති+අඞ්කුස) අඞ්කුසය ඉක්මවූ ඇතා, අඞ්කුසයට සමීප නොවන්නා, හික්මුනු ඇතා. (පි. 28)
අච්චට්ඨි
පු. එනම් ඡන්දස, “අච්චට්ඨියං ද්විසත්තාධික එකතිංස සහස්සානි ච ලක්ඛමෙකං’’ යනාදීන් දක්වන සතළොස් අකුරකින් යුත් ඡන්දස. (පි. 28)
අච්චතරී
ඉ. ඉක්මන්ගමන් ඇත්තී, වේගවත් ගමන් ඇත්තී. (පි. 28)
අච්චත්ථ
න. (අති+අත්ථ) අත්යර්ථය, අතිශය, ඉතා, බොහෝ. (පි. 28)
අච්චති
ක්රි. (අච්ච. √ භු. පූජායං, පිදීමෙහි +ති) පුදයි. වර්ණනා කෙරෙයි. (පි. 28)
අච්චන
න. (අච්ච. √ භු. පූජායං, පිදීමෙහි +යු = අන) අර්චනය, පූජාව, යාගය. (පි. 28)
අච්චන්ත
ති. එකාන්ත, නිශ්චිත, අවසාන, සම්පූර්ණ, බොහෝ, නිරන්තර. (පි. 28)
අච්චන්තකොධන
ති. (අති+අන්ත+කොධන) නොසන්සිඳෙන ක්රෝධ ඇති, නිතර කිපෙන. (පි. 28)
අච්චන්තතණ්හා
ඉ. ප්රහීණනොවූ තෘෂ්ණාව, නොසන්සිඳුනු තෘෂ්ණාව. (පි. 28)
අච්චන්තදුස්සීල
පු. එකාන්තදුශ්ශීලයා. (පි. 28)
අච්චන්තදුස්සීල්ය
න. එකාන්ත දුශ්ශීලබව. (පි. 28)
අච්චන්තනිට්ඨා
ඉ. අවසානනිෂ්ඨාව, සම්පූර්ණයෙන් කෙළවර වීම, නිවන. (පි. 28)
අච්චන්තයොගක්ඛෙම
පු. අවසානය වූ නිර්වාණය. (පි. 28)