සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 14

අඞ්ගීකාර

පු. ප්‍රතිඥාව, පොරොන්දුව, ගිවිසිල්ල, පිළිගැනීම, (පි. 27)

අඞ්ගීරස

පු. ශරීරයෙන් රැස් විහිදෙන තැනැත්තා, බුදුරජ. වේද කර්‍තෘවූ එනම් ඍෂියා. (පි. 27)

අඞ්ගුට්ඨ

පු. මාපටඇඟිල්ල. හස්තපාදයන්ගේ මහඇඟිලි. (පි. 27)

අඞ්ගුට්ඨක

පු. පයේ මාපට ඇඟිල්ල. (පි. 27)

අඞ්ගුත්තරනිකාය

න. දීඝ - මජ්ඣිම - සංයුත්ත - අඞ්ගුත්තර - ඛුද්දක යන නිකාය පසින් අඞ්ගුත්තරනිකාය. මීට අඞ්ගුත්තර සඞ්ගහ, අඞ්ගුත්තර ආගම යයිද කියති. අඞ්ගෙහි උත්තරො. අඞ්ගුත්තරො, නිබ්බිසෙසෙන විනොතීති නිකායො, අඞ්ගුත්තරොව සො නිකායො වෙති අඞ්ගුත්තරනිකායො. අඞ්ගයන් ගෙන් මතුමත්තෙහි අධිකව සිටි නිසා අඞ්ගුත්තර යයි කියති. (පි. 27)

අඞ්ගුල(ක)

න. අඟල, ධාන්‍යමාසකසතක්, ‘ධඤ්ඤමාස’ බලනු. (පි. 27)

අඞ්ගුල්‍යාභරණ

න. ඇඟිලි අබරණ, ඇඟිලි මුද්ද. (පි. 27)

අඞ්ගුලි(ලී)

ඉ. ඇඟිල්ල. (පි. 27)

අඞ්ගුලික

න. ඇඟිල්ල. ති. ඇඟිල්ලට අයත්. (පි. 27)

අඞ්ගුලිකචාරික

න. දිදාලය, ඇඟිලි කස්ස. (පි. 27)

අඞ්ගුලිකා

ඉ. රාජමුද්‍රාව, මුද්ද. (පි. 27)

අඞ්ගුලිපතොදක

පු. ඇඟිලිවලින් ඇණීම, ඇඟිලිවලින් ගිරිති (= කිති) කැවීම. “අඞ්ගුලිපතොදකෙ පාචිත්තියං” (පි. 27)

අඞ්ගුලිපද

න. ඇඟිලිලකුණ (පි. 27)

අඞ්ගුලිපොඨ

පු. අසුර ගැසීම. (පි. 27)

අඞ්ගුලිමාන

න. අඟුල් පමණ, ඇඟිලි ප්‍රමාණය. (පි. 27)

අඞ්ගුලිමාල

පු. අඞ්ගුලිමාල නමින් ප්‍රසිද්ධවූ බිහිසුණු පුරුෂයා, පෙර ඔහු අහිංසක කුමාරයාය. කොසොල් රජුගේ පුරොහිත බමුණාගේ පුතා, ගුරු පූජාව සඳහා මිනිසුන් 1000ක් මරා ඇඟිලි ගැනීමට සූදානම් වූ අහිංසක කුමරු, ඇඟිලි මාලයක් කරේ ඇත්තා. (පි. 27)

අඞ්ගුලිමාලපිටක

න. තථාගත පරිනිර්‍වාණයෙන් අවුරුදු 235 ට පසුව ඇතිවූ රාජගිරි නම් තීර්ථක නිකායක් ධර්‍මවිනය විනාශ කිරීම සඳහා අඞ්ගුලිමාල පිටක නම් ග්‍රන්ථයක් ඇතිකෙළේය. එය අඞ්ගුලිමාල පිටක නමින් ප්‍රසිද්ධවිය. (පි. 27)

අඞ්ගුලිසඞ්ඝට්ටන

න. ඇඟිලි එකට ගැසීම, අසුරු ගැසීම. (පි. 27)

අඞ්ගුලීමුද්දා

ඉ. ඇඟිලිමුද්ද, පේරැස්මුද්ද, ගල්බැඳිමුද්ද. (පි. 27)

අඞ්ගුලීයක

න. මුද්ද, මුදුහිරුව. (පි. 27)

අඞ්ඟි(ක)

පු. අවයව ඇත්තා, කොටස් ඇත්තා. ති. අඟුජනපදයෙහි වූ. (පි. 27)

අඟීමත

ති. කැමති වූ, රැස්වූ. (පි. 92)

අචක්ඛූ

පු. අන්ධයා, දෑස්නැත්තා, ප්‍රඥානැත්තා. (පි. 30)

අචඞ්කම

න. සක්මනට නුසුදුසුබිම. (පි. 30)