සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 13

අඞ්ගජ

න. ස්ත්‍රී පුරුෂ නිමිති. (පි. 26)

අඞ්ගජාත

න. ස්ත්‍රී පුරුෂ නිමිති. (පි. 26)

අඞ්ගණ

න. මිදුල, කුඩාලපය, කලුෂය, ලෝභාදී කෙලෙස්, කැලෑවල හෝ පිට්ටනිවල එළි කළ භූමිභාගය (පි. 26)

අඞ්ගණට්ඨාන

න. මිදුල, මඩුව, මිනිසුන්ගේ සඤ්චරණස්ථාන වූ අනාවෘත භූමිභාගය, කැලෑවල හෝ පිට්ටනිවල එළි කළ භූමිභාගය. (පි. 26)

අඞ්ගද

න. අඟුපලඳනාව, වැලමිටෙන් මතුභාගයෙහි පලඳින ආභරණය, කේයූරය. (පි. 26)

අඞ්ගනා

ඉ. ස්ත්‍රිය, අඟන, කාන්තාව. (පි. 26)

අඞ්ගපච්චඞ්ග

න. අඟපසඟ, ලොකුකුඩා ශරීරාවයව. (පි. 26)

අඞ්ගරක්ඛ(ක)

පු. අඞ්ග රක්ෂා කරන්නා, රජුන්ගේ ශරීරාරක්ෂක ඇමතියා. (පි. 26)

අඞ්ගරාග

පු. ශරීරයෙහි ගාන විලවුන්, ඡවිරාගය පිණිස ශරීරයෙහි ගල්වන කොකුම් ආදිය. (පි. 26)

අඞ්ගලට්ඨි

න. අඞ්කුරය, සාඛාව, පාරොහ, නුග ආදි අරළු (පි. 26)

අඞ්ගවිජ්ජා

ඉ. ශරීරාවයවයන් බලා ශුභාශුභ දැනගන්නා (කියන) විද්‍යාව (පි. 26)

අඞ්ගවෙකල්ල

න. ශරීරාවයවයන්ගේ විකල බව, ඇස් - කන් - නාසාදී අවයවයන්ගේ විකාරය. (පි. 27)

අඞ්ගසත්ථ

න. අඞ්ගවිද්‍යාව, ලක්ෂණවිද්‍යාව, ශරීරාවයවයන් බලා ශුභාශුභ දැනගන්නා විද්‍යාව. (පි. 27)

අඞ්ගාර

පු. නිවි අඟුරු, ඇවිලෙන ගිනිඅඟුරු, කුජ ග්‍රහයා. (පි. 27)

අඞ්ගාරක

පු. ගිනිඅඟුරු වැනි පැහැය, රත් පැහැය, අඟහරුවා. (පි. 27)

අඞ්ගාරකටාහ

පු. අඟුරුවළ අඟුරුකබල. (පි. 27)

අඞ්ගාරකපල්ල

න. අඟුරුකබල, ගිනිඅඟුරුකබල. (පි. 27)

අඞ්ගාරකාසු

න. අඟුරුවළ, ගිනිඅඟුරු සහිත වළ. (පි. 27)

අඞ්ගාරපබ්බත

පු. අඟුරුපර්‍වතය, ගිනිඅඟුරෙන් යුත් පර්‍වතය, ගිනිඅඟුරුගොඩ. (පි. 27)

අඞ්ගාරමංස

න. බැදපුමස්, පුලුස්සනලද මස්. (පි. 27)

අඞ්ගාරමසි

ඉ. අලු, ගිනිඅලු. (පි. 27)

අඞ්ගාරවස්ස

න. ගිනිඅඟුරු වැස්ස, වර්‍ෂාකාරයෙන් අඟුරු වැටීම. (පි. 27)

අඞ්ගාරි

ති. අවයවයන්හි පවත්නා, ගිනිඅඟුරු වැනි. (පි. 27)

අඞ්ගාරික

පු. ගිනිඅඟුරුවලින් කටයුතු කරන්නා, අඟුරුපුලුස්සන්නා, න. අඟුරු පුලුස්සන තැන. (පි. 27)