සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 12
අගුත්ත
ති. (න = අ+ගුත්ත) ගොපනය නොකළ, සංවරණය නොකළ, නොවසනලද. (පි. 25)
අගොචර
පු. (න = අ+ගොචර) ගොචර නොවන, විසය නොවන, ගොදුරු නොවන, ගුණවතුන්ට යුතු නොවන. බ්රහ්මචාරීන් විසින් නොහැසිරියයුතු වෙසියගොචරාදි ස්ථාන. (පි. 25)
අගොචරට්ඨාන
න. අගෝචරස්ථානය, භික්ෂූන් විසින් පිණ්ඩපාතාදිය සඳහා නොඑළඹිය යුතු තැන. එබඳු තැන් සයකි. 1. හිමි නැති කුලය, 2. පණ්ඩක නපුංසකාදීන් ඇති තැන. 3. මෙහෙණින් වසන තැන, 4. සුරා සොඬුන් වසන තැන, 5. තීර්ථකයන් වසන තැන. 6. තීර්ථකප්රත්යයදායකයන් වසන තැන. (පි. 25)
අඝ
√ චු. (පාප කරණෙ) පව් කිරීමෙහි. අඝෙති, අඝයති.
න. ආකාශය, නිත්යවිවෘතවස්තු, පාපය, දුක, විපත, පඤ්චස්කන්ධය, දුඃඛවේදනාව. (පි. 26)
අඝට්ටන
න. (න = අ+ඝට්ටන) නොගැටීම, ඝට්ටනය නොකිරීම, එකට එක නොහැපීම, ස්පර්ශනොවීම. (පි. 26)
අඝට්ටිත
ති. (න = අ+ඝට්ටිත) නොගැටුනු, නොහැපුනු, ඝට්ටනය නොකළ. (පි. 26)
අඝාටි
පු. දුක්ඛිතයා, දුක්ඇත්තා, විපතට පැමිණි තැනැත්තා. (පි. 26)
අඝෙති
ක්රි. (අඝ+ √ චු. පාපකරණෙ, පව්කිරීමෙහි +ණෙ+ති) පව් කෙරෙයි. (පි. 26)
අඝොස
පු. අඝොෂාක්ෂර, කඛ චඡ ටඨ තථ පඵ ස යන අකුරුවලට අඝොෂාක්ෂර යයි කියති. (පි. 26)
අඞගවාත
පු. ශරීරාවයවයන්හි පවත්නා වාතය. (පි. 27)
අඞ්ක
පු. සලකුණ. ඇකය. එනම්බෙරය. අංකරය. (පි. 26)
අඞ්කති
ක්රි. (අකි හෝ අඞ්ක √ භු. ලක්ඛණෙ, සලකුණු කිරීමෙහි +ති) ලකුණු කෙරෙයි. (පි. 26)
අඞ්කයති
ක්රි. (අකි හෝ අඞ්ක √ චු. ලක්ඛණෙ, ලකුණු කිරීමෙහි,+ණය+ති) ලකුණු කරයි. (පි. 26)
අඞ්ක්ය
පු. අරළුගෙඩියකට බඳු ආකාර ඇති මිහිඟු බෙරයක්. (පි. 26)
අඞ්කිත
ති. (අකි හෝ අඞ්ක √ භු. ලක්ඛණෙ, සලකුණු කිරීමෙහි +ත) සලකුණු කළ. මුද්රණය කළ සටහන් කළ. (පි. 26)
අඞ්කුර
පු. න. දලුව. මොටෙයියා ඉතා ලා පැලෑටිය. (පි. 26)
අඞ්කුස
පු. න. අකුස්ස, හෙණ්ඩුව. ඇතුන්ගේ මස්තකය විදිනා කටුව. (පි. 26)
අඞ්කුසක
න. මල්ගෙඩි ආදිය කඩන කෙක්ක, පොල් ආදිය කඩන අඞ්කුසාකාර යකඩ කෙක්ක. පු. අකුසු දරන්නා. (පි. 26)
අඞ්කුසග්ගහ
පු. අකුසු ගන්නා තැනැත්තා, ඇත්ගොව්වා, හස්ත්යාචාර්ය්යයා, කුරුනෑයකයා. (පි. 26)
අඞ්කුසනය
පු. සීහවික්කීඩිතාදි අර්ථනයත්රයට දිසාභූත කුසලාකුසල ධර්මයන් දිශාලොචන න්යායයෙන් බලාගෙන ඒ අලෞකික ධර්මයන් වෙන් වෙන්ව ගෙන අර්ථනයත්රයෙහි යෙදීම. (පි. 26)
අඞ්කුසපච්ඡි
ඉ. අකුස්ස හා පැස, කෙක්ක හා කූඩය. (පි. 26)
අඞ්කෙති
ක්රි. (අඞ්ක හෝ අකි √ චු. ලක්ඛණෙ, සලකුණු කිරීමෙහි +ණෙ+ති) සලකුණු කෙරෙයි. (පි. 26)
අඞ්කොල
(ක) පු. රුක්අඟුන. (පි. 26)
අඞ්ග
න. ශරීරාවයවය. අවයවය. කාරණය. ආමන්ත්රණාර්ථයෙහි නිපාතයක්, කොට්ඨාසය, ප්රභෙද, එනම් විද්යාව, එනම් දේශය, අර්හත් ඵලය උපදවනු කැමැති යොගාවචර සත්වාදීන්ගෙන් කරුණු 250ක් ද සම්පූර්ණ විය යුතුයි, ඒවාටද අඞ්ගයයි කියති. “මිලින්ද ප්රශ්නය”
පු. අඟුජනපදය. කොණ. මුල්ල. (පි. 26)