සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 11
අග්ගුලු
පු. අරළු. (පි. 24)
අග්ඝ
√ භු. මිල වැඩීමෙහි හෙවත් ඇගීමෙහි. අග්ඝති.
පු. මිල. සත්කාරය, අගය, අමුත්තන් පිදියයුතු දේ.
පු. ආගන්තුක සත්කාරය, අතිථි සත්කාරය, අමුත්තන්ට කරන සත්කාරය. (පි. 24)
අග්ඝක
ති. වටිනාකම ඇති, අගය ඇති.
න. ඇගෑ, තොරණ. (පි. 24)
අග්ඝකාරක
පු. (කර+ණවා = අක) අගය නියම කරන්නා, වන්නකුරාළ, තක්සේරු කාරයා, කුමතේරුකාරයා. (පි. 24)
අග්ඝති
ක්රි. (අග්ඝ √ භු. අග්ඝනෙ, ඇගීමෙහි, මිල නියම කිරීමෙහි +ති) අගී, වටී, සුදුසුයි, මිල නියම කරයි, මිල වඩයි, වටිනාකම නියම කරයි. (පි. 24)
අග්ඝනක
ති. (අග්ඝ+යු = අන+ක) වටිනා, අගනා, වටිනාකම ඇති. (පි. 24)
අග්ඝනීය
ති. අගයකටහැකි, වටිනා, වටිනාකම ඇති, අගය ඇති. (පි. 25)
අග්ඝභාති
න. වටිනාකම අඩුවීම, අගය අඩුවීම. (පි. 25)
අග්ඝය
පු. අතිථිසත්කාරය. ති. වටිනා. (පි. 25)
අග්ඝසමොධාන
න. (සං+අව, ධා+යු = අන) තෙවැදෑරුම් සමොධාන පරිවාසයන්ගෙන් එකක්, පටිච්ඡන්න ඇවැත් ගණනින් දෙන පරිවාසය. (පි. 25)
අග්ඝාපනක
පු. මිල නියම කරන්නා, වන්නකුරාළ. (පි. 25)
අග්ඝාපනීය
ති. මිල නියම කටයුතු, වටිනාකම නියම කටයුතු, තක්සේරු කටයුතු. (පි. 25)
අග්යාගාර
න. ගිනිහල්ගෙය, ගිනි දල්වන ගෙය. (පි. 25)
අගා
ක්රි. (අ+ගමු √ භු. ගතියං, යාමෙහි. ගමුහට ගා ආදේශයි+ඊ.) ගියේය.
√ තු - හැදෑරීම් ආදියෙහි. (පි. 25)
අගාධ
ති. පතුල නොදැක්ක හැකි ගැඹුර ඇති, නොපොව්වන ජලය ඇති. (පි. 25)
අගාර
න. ගෙය, ගෘහය වාසස්ථානය. ගිහිගෙය. (පි. 25)
අගාරක
න. කුඩාගෙය, පැල, කුටිය, කිළිය. (පි. 25)
අගාරමුනි
පු. ගෘහවාසී මුනියා, ගිහිගෙයි වැසි සිල්වතා, ගෙයි වෙසෙමින් ශීලව්රතාදිය රකින තැනැත්තා. (පි. 25)
අගාරව
න. අගෞරවය, බුහුමන් නොකිරීම, අගරු කිරීම. (පි. 25)
අගාරික
ති. ගෙට අයත්, ගිහිගෙට අයිති, අනගාරික නොවන. (පි. 25)
අගාරිනී
ඉ. ස්වාමිදුව, ගෘහිණිය, ගෙහිමිතැනැත්ති. (පි. 25)
අගාරිය
ති. ‘අගාරික’ බලනු. (පි. 25)
අගි
√ ගමනෙ (රු) යාමෙහි. අඞ්ගති. (පි. 25)
අගිද්ධ
ති. (න = අ+ගිද්ධ) ගිජු නොවන, කෑදර නොවන, කෑබැහි නොවන, ලොල් නොවන. (පි. 25)