සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 10
අග්ගලසූචි
න. යතුරු මුදුව, යතුරු, කුඤ්චිකාව, කෙස්ස. (පි. 24)
අග්ගවාද
න. මූලවාදය, ථෙරවාදය, ස්ථවිරවාදය. (පි. 24)
අග්ගසාවක
පු. අග්රශ්රාවක, අගසවු, සැරියුත් - මුගලන් දෙදෙනා වහන්සේ බුදුන් වහන්සේගේ අගසවු වූවෝය (පි. 24)
අග්ගි
පු. ගින්න. ගිනි පුපුර. කරඹගස. “රාගොහි තිඛිණො හුත්වා උප්පජ්ජමානො සත්තෙ අනුදහති ඣාපෙති, තස්මා අග්ගීති වුච්චති.” (පි. 24)
අග්ගිඅගාර
න. ගිනිහල්ගෙය, ගිනි දල්වන ගෙය. (පි. 24)
අග්ගික
පු. ගිනි ඇත්තා. ගිනි පුදන්නා. “අථ ඛො අග්ගික භාරද්වාජො බ්රාහ්මණො” (පි. 24)
අග්ගික්ඛන්ධ
පු. ගිනිකඳ, ගිනිගොඩ, ගිනිමැලය. (පි. 24)
අග්ගිජාලා
ඉ. ගිනිජාලාව, ගිනිදැල්ල මලයිත්ත. (පි. 24)
අග්ගිජූහන
න. ගිනි පිදීම. (පි. 24)
අග්ගිට්ඨාන
න. අග්නිස්ථානය, ගිනි තිබෙන තැන, ලිප, උදුන. (පි. 24)
අග්ගිදත්ත
පු. මහ කොසොල් රජුගේ පෙරෙවි බමුණු. (පි. 24)
අග්ගිදීපන
ති. ගිනිදල්වන, සම්පයිය, මයිනාහම. න. ගිනි දැල්වීම. (පි. 24)
අග්ගිනි
න. ගිනි, ගින්න, ගින්දර. (පි. 24)
අග්ගිපජ්ජොත
පු. ගිනිඑළිය. න. ගිනි දැල්වීම. (පි. 24)
අග්ගිපරිචරණ
න. ගිනි පිදීම, ගිනිදෙවියා පිදීම. (පි. 24)
අග්ගිමන්ථ
පු. සිහින් මිදිගස. (පි. 24)
අග්ගිමුඛ
පු. දෙවියා. බදුල්ලගස. න. ගිනිසිළුව. (පි. 24)
අග්ගිසඤ්ඤිත
පු. රත්නිටුල්ගස. (පි. 24)
අග්ගිසාලා
ඉ. ගිනිහල්ගෙය, ගිනි දල්වන ගෙය. (පි. 24)
අග්ගිසිඛ
පු. එනම් නාගරාජයා. කොකුම්. (පි. 24)
අග්ගිසිඛා
ඉ. ගිනිසිළුව, ගිනිදලුව. (පි. 24)
අග්ගිහුත්ත
න. ගිනි පිදීම, අග්නිහොමය, ගිනිදෙවියා පිදීම. (පි. 24)
අග්ගිහොත්ත
න. ගිනි පිදීම, අග්නිහොමය, ගිනිදෙවියා පිදීම. (පි. 24)
අග්ගිහොම
න. ගිනිදෙවියා පිදීම, ගිනි පිදීම. (පි. 24)