සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 9
අග්ගඤ්ඤ
ති. අග්රයයි දැනගතයුතු, උතුම්. ශ්රේෂ්ඨ. (පි. 23)
අග්ගත්ත
න. අග්රබව, ප්රධානබව. (පි. 23)
අග්ගතා
ඉ. ප්රධානබව, ශ්රේෂ්ඨබව, දෙටුගතිය. (පි. 23)
අග්ගතො
අ. අභිමුඛයෙන්, ඉදිරියෙන්. (පි. 23)
අග්ගතොසර
පු. පෙරටුව යන්නා, පෙරටුව යන යෝධයා. (පි. 23)
අග්ගද්වාර
න. ප්රධානදොර, ඉදිරිදොර, අග්දෙරිය, නිසවත්ත. (පි. 23)
අග්ගදාන
න. අග්රදානය, උතුම්දානය, ධර්ම දානය. (පි. 23)
අග්ගධම්ම
පු. අග්රධර්මය, ප්රධානධර්මය, උතුම්ධර්මය, නිර්වාණධර්මය. (පි. 23)
අග්ගනඛ
පු. නඛාග්රය, නියඅග. (පි. 23)
අග්ගනික්ඛින්ත
ති. උසස් කොට ප්රශංසා කරුණු ලැබූ, උසස් කොට තබනලද. (පි. 23)
අග්ගනීකාස
පු. ගිනිවැනි තැනැත්තා. (සූර්ය්යයා) ති. ගිනිවැනි. (පි. 24)
අග්ගපිණ්ඩ
න. ප්රධානපිණ්ඩය, උතුම්බත, ප්රණීතාහාරය. (පි. 23)
අග්ගපුග්ගල
පු. අග්රපුද්ගලයා, බුදුරජානන් වහන්සේ. (පි. 23)
අග්ගපුරොහිත
පු. ප්රධාන පුරොහිතයා, ප්රධාන අනුශාසකයා, රජුන්ට අනුශාසනා කරන ප්රධාන ඇමතියා. (පි. 24)
අග්ගඵල
න. අග්රඵලය, රහත්ඵලය. (පි. 24)
අග්ගමග්ග
පු. අග්රමාර්ගය. ප්රධානමාර්ගය. අර්හන් මාර්ගය ආර්ය්යමාර්ගය, ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය. (පි. 24)
අග්ගමහෙසී
ඉ. අගමෙහෙසිය, අගබිසව, රජහුගේ ප්රධාන දෙවිය. (පි. 24)
අග්ගරාජ
පු. ප්රධාන රජ, මහරජ, සක්විතිරජ. (පි. 24)
අග්ගල
න. අගුල, කෙස්ස, පරෙස්සම. (පි. 24)
අග්ගලකවාට
න. යතුරුකපල්ල, අගුල්සිදුර, කෙසිසිදුර, යතුරු සිදුර. (පි. 24)
අග්ගලත්ථම්භ
පු. අගුලුකණුව, අගුල සවිවන කණුව. (පි. 24)
අග්ගලදාන
න. අමුතු පටක් ඇල්ලීම, අගුල් දැමීම, යතුරු දැමීම. (පි. 24)
අග්ගලඵලක
න. අගුල් පුවරුව. (පි. 24)
අග්ගලවට්ටි
ඉ. අගුල්වැට, අගුල්පුවරුව. (පි. 24)