සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 8
අඛත
ති. (න+ඛත) නොසාරණලද, නොනසනලද, නොම උගුලන ලද. (පි. 23)
අඛාත
න. වැස්සෙන් හෑරුණු වළ. (පි. 23)
අඛිල
ති. සියලු, සකල ඛිලරහිත, රළුනැති. (පි. 23)
අඛෙත්ත
න. (න+ඛෙත්ත) අක්ෂෙත්රය’ නොකෙත, නිසරුබිම, නුසුදුසුකෙත. (පි. 23)
අග
පු. (න ගච්ඡතීති) වෘක්ෂය. පර්වතය, කන්ද.
√ භු. වක්ව යාමෙහි. (කුටිල ගතියං) අගති. (පි. 25)
අගඤ්ඡි
ක්‍රි. (අ+ගමු √ භු. ගතියං, යාමෙහි +ච්ඡ = ඤ්ච+ඊ. ඊහට හ්‍රස්වයි.) ගියේය. (පි. 25)
අගත
ක්‍රි. (න = අ+ගමු √ භු. ගතියං, යාමෙහි +ත) නොගිය, නොපැමිණි, අසම්ප්‍රාප්ත. (පි. 25)
අගති
ඉ. ඡන්ද - මෝහ - භය - මෝහ යන චතුර්විධ කරුණුවලින් නොමග යාම, නපුරු පුරුදුකිරීම, නපුරු ගතිය, ති. පිහිටක් නැති.
ක්‍රි. (අග √ භු. කුටිලගතිම්හි, වක්ව යාමෙහි +ති) වක්ව යෙයි, ඇදව යෙයි. (පි. 25)
අගථිත
පු. ග්‍රථිත නොවූ, ගැට නොගැසූ, ගැට නොගසනලද. ‘ගථිත’ බලනු. (පි. 25)
අගද
පු. බෙහෙද, බෙහෙත, විස නසන බේත්. (පි. 25)
අගදකර
පු. බෙහෙත් කරන්නා, වෛද්‍යවරයා. (පි. 25)
අගන්ධ
ති. ගඳ නැති, සුවඳ නැති. ‘ගන්ධ’ බලනු. (පි. 25)
අගභෙද
පු. කරගස (පි. 25)
අගමා
ක්‍රි. (ආ+ගමු √ භු. ගතියං, යාමෙහි +ආ) ගියේය. (පි. 25)
අගරු
ති. නොබර, සැහැල්ලු.
න. අගිල්යයි ප්‍රසිද්ධ සුගන්ධ ද්‍රව්‍යය. (පි. 25)
අගහණ
ති. (න = අ+ගහණ) කෙලෙස් දෘෂ්ටි ආදි ග්‍රහණ රහිත, ගැනීම් නැති. න. නොගැනීම. (පි. 25)
අගළු
න. අගිල් ‘අගරු’ බලනු. (පි. 25)
අග්ග
ති. උතුම්, ප්‍රධාන. න. ආදිය. භාගය, කෙළවර, ඉදිරිපිට, දලුව, රාහුය, මහාමන්ධාතුය, මාරයා, තථාගතය යන වීර පුරුෂයෝ අග්‍රයෝ යයි පිළිගනිති, ඒ ඒ අයගේ ගතිගුණ ඇතිව මෙසේ අග්‍ර වීය යි ද කියති.
√ භු. ගතිකොටිල්ලෙ වක්ව යාමෙහි, අග්ගති, වක්ව යෙයි. (පි. 23)
අග්ගඅඞ්ගුලි
ඉ. ප්‍රධාන ඇඟිල්ල, ඩබර ඇඟිල්ල. ඇඟිලිඅග. (පි. 23)
අග්ගඋපට්ඨාක
පු. ප්‍රධාන සෙවකයා, උපස්ථාන කරන්නවුන් ගෙන් ප්‍රධානයා, පළමුවෙනි උවටා. (පි. 23)
අග්ගකාරික
න. ආදර්ශභාණ්ඩය, සැම්පල්බඩුව. (පි. 23)
අග්ගකුල
න. උසස් කුලය, ප්‍රධාන කුලය, උතුම් කුලය. (පි. 23)
අග්ගකුලික
පු. උසස්කුල ඇත්තා, කුලවතා වංශවතා, කුලීනයා. (පි. 23)
අග්ගජ
ති. පළමුව උපන්. පු. ශ්‍රේෂ්ඨව උපන් තැනැත්තා, වැඩිමහල්ලා, වැඩිමහලු සහොදරයා. (පි. 23)