සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 7

අකිඤ්චන

ති. (න+කිඤ්චන) රාගාදි කිසි පළිබෝධයක් නැති, හිරිහැර නැති. දිළිඳු. “අකිඤ්චනං අනාදානං තමහං බ්‍රැමි බ්‍රාහ්මණං.” (පි. 22)

අකිතති

ඉ. (න+කිත්ති) අපකීර්‍තතිය, නුගුණ ප්‍රකාශය, අවගුණය (පි. 22)

අකිරිය

න. (න+කිරිය) අක්‍රියාව, නොකිරීම. කටයුතු නොකිරීම. ති. නොකටහැකි. නොකටයුතු. (පි. 22)

අකිරියදිට්ඨි

ඉ. අක්‍රියාදෘෂ්ටිය, කර්‍මයට ඵලයක් විපාකයක් නැතැයි යන දෘෂ්ටිය, අක්‍රියවාදය. (පි. 22)

අකිරියරූප

න. අක්‍රියස්වභාවය. (පි. 22)

අකිරියවාද

පු. අක්‍රියවාදය, ක්‍රියාවෙන් ඵලයක් විපාකයක් නැතැයි යන මිථ්‍යාවාදය. (පි. 22)

අකිරියසමුට්ඨාන

ති. සියලු ආපත්තීහු ක්‍රියා වශයෙන් පස්වැදෑරුම් වෙති. කයින් හෝ, වචනයෙන් කටයුතු ඉටීම් ආදිය නොකරන්නාට වන ආපත්තිය. (පි. 22)

අකිලන්ත

ති. (න+කිලන්ත) ක්ලාන්ත නොවූ, වෙහෙස නොවූ. (පි. 22)

අකිලාසු

පු. (න+කිලාසු) නොමැලි, කඩිසර, බුහුටි. (පි. 22)

අකුක්කුච්ච

ති. කුකුස්නැති. න. කළනොකළ පින්පවු උදෙසා පසුතැවිලි නොවීම. “කළ නොකළ උදෙසා පසුතැවිලි වනු කුකුස”. (පි. 22)

අකුටිල

ති. (න+කුටිල) අවඞ්ක, වක් නොවූ, ඇද නොවූ, සෘජු. (පි. 23)

අකුතොභය

ති. බියරහිත, කොයිනුත් භය නැති. (පි. 23)

අකුප්ප

ති. නොකිපෙන, කොප්‍ය නොවන, කුපිත නොවන, නොසෙල්වෙන. (පි. 23)

අකුසල

න. (න+කුසල) කුසල් නොවූව, පාපය. ති. අදක්ෂ, අසමර්ථ, අනිපුණ. (පි. 23)

අකුසලකම්ම

න. පාපකර්‍මය, පව්කම. කුසල් නොවන කර්‍මය. (පි. 23)

අකුසලකම්මපථ

පු. ප්‍රාණඝාතාදී දශ අකුශලකර්‍ම, ප්‍රතිසන්ධි විපාක දෙන අකුශලකර්‍මය. (පි. 23)

අකුසලපක්ඛික

ති. අකුශල පක්ෂයෙහි වූ, අකුසල්වලට අයත්. (පි. 23)

අකුසලභාගිය

ති. අකුසල් භජනය කරන, අකුසල් කොටසට අයිති. (පි. 23)

අකුසලමූල

න. අකුසල්මුල, අකුසලයට මුල් වන ලෝභ මෝහ මෝහ යන හේතු තුණ. (පි. 23)

අකුසීත

ති. (න+කුසීත) කුසීත නොවන, නොකම්මැලි. (පි. 23)

අකුහක

ති. (න+කුහක) කුහක නොවන. නැතිගුණ නොපෙන්වන. (පි. 23)

අකොසල්ල

(න+කොසල්ල) මෝහය, අසමර්ථ බව, නොවියත් බව. (පි. 23)

අඛණ්ඩ

න. (න+ඛණ්ඩ) කඩනොවන, නොකැඩුනු. (පි. 23)

අඛණ්ඩඵුල්ල

ති. නොසිදුරු. (පි. 23)