සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 6

අක්ඛොහිණී

ඉ. අක්ෂෞහිණිය. 21870 ඇත් සේනාවද, 21870 රියසේනාවද 65610 අස්සේනාවද, 109350 පාබළසේනාවද ඇති යුද්ධ හමුදාව.
“සට්ඨිවංසකලාපෙසු පච්චෙකං සණ්ඨිදැණ්ඩිසු ධූලීකතෙසු සෙනාය සන්තියාක්ඛො හිණීත්ථියං” එක එක මිටියෙහි හුණදඬු සැට සැට ඇති සැට මිටියක්, යන්නාවූ සේනාව විසින් දූලි කළ කල්හි, එපමණ සේනාව, අක්ඛොහිණී යයි කියති.
1000000000000000000000000000000000000000000 (පි. 20)

අක්‍රිය

ති. නොකිරීම, අධිෂ්ඨාන නොකිරීමෙන් වන අක්‍රිය ආපත්ති. (පි. 23)

අකාච

ති. (න+කාච) නිර්‍මල, පිරිසිදු මලරහිත (පි. 22)

අකාචි

ති. (න+කාචි) නිදොස්, කැලැල් නැති. (පි. 22)

අකාපුරිස

පු. (න+කාපුරිස) නින්දිතපුරුෂ නොවන්නා, උත්තම පුරුෂයා. (පි. 22)

අකාම

ති. (න+කාම) කැමති නොවන, රුචිනොවන, නොරිසි. න. නොකැමැති බව. (පි. 22)

අකාර

ති. (න+කාර) නොකරන, ක්‍රියා නොකරන.
පු. අකාරය, (අ යන ස්වරාක්ෂරය.) (අ එව අකාරො) (පි. 22)

අකාරක

ති. (න+කාරක) නොකරන, කාරක නොවන, කර්‍ම කර්‍තෘ ආදී වූ කාරක සංඥාවක් නොලබන්නා. (පි. 22)

අකාරන්ත

ති. අකාරය අන්ත කොට ඇති. (පි. 22)

අකාරාදි

පු. අ යන අක්ෂරය ආදිකොට ඇති ශබ්ද, අකාරය ප්‍රධාන කොට අකුරුපිළිවෙළ ඇති ග්‍රන්ථවිශේෂය (පි. 22)

අකාරිත

ති. නොකරන ලද. (පි. 22)

අකාරිය

ති. (න+කාරිය) නොකට යුතු, සිදු නොකට යුතු, නොකටහැකි. (පි. 22)

අකාරී

ති. (න+කාරී) නොකරනසුලු. (පි. 22)

අකාල

පු. (න+කාල) නොකල, අවාරය, අවේලාව, අසමය, නුසුදුසු කාලය. (පි. 22)

අකාලගහණ

ති. එනම් නිසඟි පචිති ශික්ෂාපදය. (පි. 22)

අකාලික

ති. (න+කාලික) කල් නොයවා විපාක දෙන, වහා විපාක දෙන. (පි. 22)

අකාසික

ති. (න+කාසික) කසීරටට නොඅයත්, කශීදේශයෙහි නූපන්, බරණැස් නුවරට අයිති නොවන. (පි. 22)

අකාසික(ය)

පු. රජුන්ගේ අයබදු අයකරන පුරුෂයා, සුංකම් අය කරන තැනැත්තා. (පි. 22)

අකි

√ චු. ලක්ඛණෙ - සලකුණු කිරීමෙහි. අඞ්කෙති, අඞ්කයති, සලකුණු කෙරෙයි.
√ භු. ලක්ඛණෙ - සලකුණු කිරීමෙහි, අඞ්කති-ලකුණු කෙරෙයි. (පි. 22)

අකිච්ච

න. (න+කිච්ච) නොකටයුතු, කරන්නට නුසුදුසු දෙය. (පි. 22)

අකිච්චකාර

ති. (න+කිච්චකාර) කටයුතු නොකරන. අකටයුතු කරන, යුතුකම නොකරන. (පි. 22)

අකිච්ඡ

ති. (න+කිච්ඡ) පීඩාරහිත, වෙහෙස රහිත, දුක් නැති. (පි. 22)

අකිච්ඡලාභ

පු. (න+කිච්ඡලාභ) පීඩාරහිත ලාභය, නිදුකින් ලැබීම. (පි. 22)

අකිච්ඡලාභී

පු. (න+කිච්ඡලාභි) නිදුකින් ලබන සුලුතැනත්තා, කැමති පරිදි ලබන තැනැත්තා, ඇතිතාක් ලබන තැනැත්තා. (පි. 22)