සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 5

අක්ඛාන

න. (ආ+ඛා+යු=අන) කීම, ප්‍ර‍කාශය, කථාව, කථා කිරීම. (පි. 20)

අක්ඛායි

ති. (ආ+ඛා+ණි) කියන, ප්‍ර‍කාශකරන, කථා කරන. (පි. 20)

අක්ඛායික

ති. ප්‍ර‍කාශකරන, කියන. ‘ලොකක්ඛායික’ බලනු. (පි. 20)

අක්ඛාහත

ති. (අක්ඛ+ආ+හන+ත) අකුරෙහි ප්‍රවේශ කළ, අලවඞ්ගුවෙහි ගසන ලද “යං පන තං චක්කං ඡහි මාසෙහි නිට්ඨිතං ඡාරතතූනෙහි තං පවට්ටේසි. තං පවිට්ටිතං සමානං යාවතිකා අභිසංඛාරස්ස ගති, තාවතකං ගනත්වා අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසි” (පි. 20)

අක්ඛි

න. නයනය, නෙත්‍ර‍ය, ඇස. (පි. 20)

අක්ඛිඅඤ්ජන

න. ඇසගානා අඳුන්, නෙත්‍රාඤ්ජනය, ඇසඳුන. (පි. 20)

අක්ඛික

ති. ඇස් ඇති. දැල් ඇසි (=ජාලාක්ෂි) (පි. 20)

අක්ඛිකූප

පු. අක්ෂිකූපය, ඇස්ගෙඩි පිහිටි වළ, (ඇස්වළ.) (පි. 20)

අක්ඛිගණ්ඩ

පු. ඇස්ගුලිය, ඇස්ගෙඩිය. ඇස. (පි. 20)

අක්ඛිගූථ

පු. ඇස්කබ. (ඇසෙන් පිට වන මල.) (පි. 20)

අක්ඛිචජිද්ද

න. අක්ෂිකූපය, (ඇස්වළ.) (පි. 20)

අක්ඛිත්ත

ති. (න=අ+ඛිප+ත) හෙලා නොදක්නා ලද, නොපිරිහෙළනලද. “අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන” වීසි නොකරනලද, ඉවත නොදැමූ. (පි. 20)

අක්ඛිදල

න. ඇසිපිය, ඇස්පිහාටු. (පි. 20)

අක්ඛිපාත

පු. ඇස් හෙලීම, නිරීක්ෂණය, බැලීම. (පි. 20)

අක්ඛිපුත්තලිකා

ඉ. ඉඟිරියාව, ඇහේ බබා. (පි. 20)

අක්ඛිමජ්ඣ

පු. ඇහේ මැද, ටිඟිනිය, කලු ඉඟිරියාව. (පි. 20)

අක්ඛිමල

න. කබ, අක්ඛිගූථය. (පි. 20)

අක්ඛිරොග

පු. නෙත්‍රරොග, ඇස්ලෙඩ. (පි. 20)

අක්ඛීව

පු. මුහුදුලුණු, සහිඳලුණු, මුරුංගා ගස. ලුණුමිදෙල්ලගස (පි. 20)

අක්ඛු

√ භු. ව්‍යාප්තියෙහි, රැස්කිරීමෙහි. අක්ඛති, ව්‍යාප්ත කෙරෙයි, රැස් කෙරෙයි. (පි. 20)

අක්ඛුද්ධි

දැවකඩ දෙක, ගැල්බා දෙකෙහි අලවංගුව සවිකරන ඇණ (පි. 20)

අක්ඛොභී

ති. නොකැලඹෙන. නොකැලඹෙන සුලු. (පි. 20)

අක්ඛොහ

පු. (න+ඛොහ) කම්පා නොවීම, නොකැලඹීම, චඤ්චල නොවීම. (පි. 20)

අක්ඛොහන

ති. කම්පාරහිත, චඤ්චල නොවන න. නොකැලඹීම. (පි. 20)