සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 28
අට්ටතිංසති
ඉ. අටතිස. 38. (පි. 36)
අට්ටස්සර
පු. (අට්ට+සර) මහානාදය, දුක්මුසු මහහඬ, “අට්ටස්සරං කරොන්නො විවරති” (පි. 36)
අට්ටාල(ක)
පු. අටල්ල (පි. 36)
අට්ටිත
ති. පීඩිත, පෙළුනු, විඩාවට පැමිණි. (පි. 36)
අට්ටීයති
ක්රි. (අට්ට. √ චු. අනාදරෙ, අනාදරයෙහි. ණය+ඊ+ති) පෙළෙයි, දුක්වෙයි. (පි. 36)
අට්ඨ
ති. අට, අෂ්ට සඞ්ඛ්යාව. (පි. 36)
අට්ඨ(ට්ඨ)නවුති
ඉ. අටඅනූව, 98. (පි. 36)
අට්ඨංස
ති. (අට්ඨ+අංස) අටැස්, අටපැති ඇති, අටපට්ටම්. (පි. 37)
අට්ඨඅභිභායතන
න. විඤ්ඤාණ - ආකාස කසිණයන් හැර ඉතිරි අට, කසිණයන්හි අරමුණු අබිබවා උපදවාගත් රූපධ්යාන අට. “අභිභායතන” බලනු. (පි. 36)
අට්ඨක
න. අෂ්ටකය පු. එනම් පසේබුදුවරයන් වහන්සේ. (පි. 36)
අට්ඨකථා
ඉ. අර්ථකථාව, අටුවාව, අර්ථප්රකාශ කරන ග්රන්ථය, “යායත්ථං අභිවණ්ණයන්ති බ්යඤ්ජනත්ථං පදානුගං නිදානවත්ථු සම්බන්ධං එසා අට්ඨකථාවතා.” (පි. 36)
අට්ඨකවග්ග
පු. සූත්ර නිපාතයෙහි ගාථා අට අට ඇති කාමසූත්රය ආදී සූත්ර සොළසකින් යුත් වර්ගය. (පි. 36)
අට්ඨඞ්ග
න. අඞ්ගඅට, අවයව අට. ති. අඞ්ග අටක් ඇති. (පි. 36)
අට්ඨඞ්ගඋපොසථ
පු. අෂ්ටාඞ්ගශීලය, ශික්ෂාපද අටක් රක්ෂා කිරීම් වශයෙන් පොහෝදිනයන්හි රක්නා ශීලය. (පි. 36)
අට්ඨඞ්ඟික
ති. (අට්ඨ+අඞ්ග+ඉක) අඞ්ගඅටකින් යුත්, කරුණු අටක් ඇති. (පි. 36)
අට්ඨඞ්ඟිකසර
පු. අඞ්ගඅටක් ඇති ස්වරය.
විස්සට්ඨමඤ්ජුවිඤ්ඤෙය්යා - සවනීයා‘විසාරිනො, බින්දුගම්භීරනින්නාදිත්වෙවමට්ඨඞ්ගිකො සරො.
විසට්ඨය, මඤ්ජුය, විඤ්ඤෙය්යය, සවනීයය, අවිසාරීය, බින්දුය, ගම්භීරය, නින්නාදිය යන ස්වරයෙහි අඞ්ග අටයි. (පි. 36)
අට්ඨචත්තාළීසා
ඉ. අටසාළිස, 48, (පි. 36)
අට්ඨතිංසා
ඉ. අටතිස. 38. (පි. 36)
අට්ඨනඛ
පු. එක එක පාදයෙහි නියපොතු දෙක බැගින් පා සතරෙහි නිය අටක් ඇති සතා. (පි. 36)
අට්ඨපද
න. එක එක පෙළට පද (=අල්ලි) අට අට සිටින්ට තනන ක්රීඩාපුවරුවක්, දූ පෝරුවක්. (පි. 36)
අට්ඨපදක
න. අෂ්ටපදය, පා අටක් ඇත්ත. (පි. 37)
අට්ඨපාද
පු. පා අටක් ඇත්තා, මකුළුවා, ශරභමෘගයා. “සරභ” බලනු. (පි. 37)
අට්ඨම(ක)
ති. අටවෙනි. එනම් පසේබුදුන් වහන්සේ. (පි. 37)
අට්ඨමඞ්ගල
න. අටමඟල; සඞ්ඛ, චක්ක, පුණ්ණකුම්භ, ගදා, සිරිවච්ඡ, අඞ්කුස, ධජ, සොවත්ථික යයි කියන ලද සක්ගෙඩිය, චක්රලක්ෂණය, පුන්කලසය, ගදායුධය, සිරිවසය, අකුස්සය, ධ්වජය, සෝවැතිය යන මඟුල් ලකුණු අට. බ්රාහ්මණ, ගො, හුතාශන, ස්වර්ණ, ඝෘත, ආදිත්ය, ජල, රාජ යන අට හෝ සිංහ, වෘෂ, හස්ති, ජලකුම්භ, ව්යඤ්ජන, ධ්වජ, සඞ්ඛ, දීප යන අට, පුමඟුල් ලකුණු අටක් පිහිටි අශ්වයා. (පි. 37)