සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 35
අඥානාත්මක
වි. අනුවණ බව ආත්මය කොට ඇති; මෝඩකම ප්රධාන ලක්ෂණය කොට ගත්.
අඥානෝපේක්ෂාව
[අඥාන + උපේක්ෂාව]
නා. නොදන්නාකම නිසා ඇති වන මැදහත් බව; ඇති තතු නොදැන දක්වන උපේක්ෂාව.
අඥේය වාදය
නා. (දර්ශන.) දාර්ශනික ප්රශ්නවල දී ‘මා දන්නේ නැතැ යි’ පැවසීමේ න්යාය (=agnosticism).
අට
1. නා.ප්ර. සතට එකකින් වැඩි නවයට එකකින් අඩු වූ සංඛ්යාව.
2. (ජ්යෝති.) නා.ප්ර. කෙනකු උපන් ලග්නයේ සිට අටවැනි රාශියය; මාරක ස්ථානය; ආයු ස්ථානය.
3. නා.ප්ර. කැලෑව; වනය; අටවිය; අරණ්යය.
4. නා.ප්ර. ගමන; පියාසර කිරීම; ප්රයාණය.
5. නා.ප්ර. කෝලාහලය; කලහය; සංග්රාමය.
6. (කථා.) නා.ප්ර. දවසෙහි (පෙරවරු හෝ පස්වරු) අටවැනි පැය; ඔරලෝසුවේ අටේ කණිසම.
7. නා.ප්ර. තේරුම; අර්ථය.
අට අඟ
1. නා.ප්ර. කොටස් හෝ අවයව අට; අට වැදෑරුම් අංග.
2. නා.ප්ර. අට ආකාර වූ රාජ්ය අංග; අෂ්ට රාජ්යාංග.
3. නා.ප්ර. ආර්ය මාර්ගයෙහි ඇතුළත් අට ආකාර අඟ.
අට අරිපුඟුලෝ
නා.බහු. බුදු සමයෙහි සතර මගට හා සතර ඵලයට පැමිණි පුද්ගලයන් අට දෙනා; අෂ්ට ආර්ය පුද්ගලයෝ.
අට අරිසඟ
නා.ප්ර. සතර මඟ සතර ඵලයට පැමිණි මහ සඟ ගණය.
අට ඇස
නා. ඇස් අටක් ඇත්තා; මහා බ්රහ්මයා.
අට ඉස්බ
නා. පැරණි මිණුම් ක්රමය අනුව ගවුවකින් දහයෙන් කොටසක් හෙවත් බඹ 280 ක දුර ප්රමාණය.
අට කර
නා. අත් අටක් ඇත්තා; මහා බ්රහ්මයා.
අට කලන්ය
නා. විශාල බිම් ප්රදේශයක්; කලන්ද අටක ප්රමාණය.
අට කසිණය
නා. දස කසිණයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත යන කසිණ අට.
අට කුරුව
නා. කාර්ය කොට්ඨාස අට; සිංහල රාජ සමයෙහි ඇතුන්ගේ කටයුතු පිළිබඳ ගජනායක නිලමේට භාර වූ කාර්ය අට.
අට කුසලය
නා. (අභි.) කාමාවචර කුසල් සිත් අට.
අට කොන
නා. අට දිශාව; සතර දිශා හා සතර අනුදිශා.
අට ගණය
1. නා. ගණ අට; සාම්ප්රදායික සිංහල කාව්ය ශිල්පයෙහි සඳහන් වන ම, න, බ, ය, ජ, ර, ස, ත යන ගණ අට.
2. නා. පුරාණයෙහි ලක්දිව පැවති ප්රධාන බෞද්ධ ආයතන අට.
අට ගන්නවා
1. ක්රි. උපදිනවා; ජනිත වෙනවා.
2. ක්රි. ඇති වෙනවා; පැන නගිනවා.
3. ක්රි. (රෝගයක්) සෑදෙනවා; වැලඳෙනවා.
4. ක්රි. පැළ වෙනවා.
අට ගුණය
1. නා. අට වරකින් වැඩි වූ ප්රමාණය; අටෙන් ගුණිත වූ ප්රමාණය.
2. නා. ගුණධර්ම අට.
3. නා. බුදුරජාණන් වහන්සේගේ විශේෂ වූ ගුණ අට.
අට තන
නා. විචිකිච්ඡා වශයෙන් සැක නොඉපදවිය යුතු බුද්ධාදි ස්ථාන අට.
අට තුනු
නා. මූර්ති අටක් ඇති ව ලොව පහළ වන ඊශ්වර හෙවත් ශිව දෙවි.
අට තුරා
[අට + උතුරා]
වි. අටකින් වැඩි; අටක් අධික ව සිටි; අටෝරා.
අට දහස් රට
නා. එකළොස් වන දොළොස් වන සියවස් තුළ දී රුහුණු ප්රදේශය බෙදා තිබුණු ප්රධාන කොටස් දෙකින් එකක්.
අට නාකුල
නා.බහු. හස්ති කුල අට.
අට නැණ
නා. (අභි.) අට වැදෑරුම් වූ විදසුන් නුවණ; විදර්ශනා ඥාන අට.