සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1861
සෙස්ටොඩාවා
නා. පරපෝෂක පැතලි පණු කොට්ඨාසයක්.
සෙස්ටොයිඩෙයා
නා.ප්‍ර. පරපෝෂිතයකු වන කංකතික වර්ගයට අයත් පටි පණුවා ; ටේප් පණුවා.
සෙස්න
නා.ප්‍ර. කොටසක් ඉවත් කළ පසු ඉතිරි වන කොටස ; ඉතිරිව ඇති ප්‍රමාණය.
සෙසියාදුව
(කථා.) නා. නීති ගරුකත්වය ; යුක්තියට සහ නීතියට පටහැණි නොවීම.
සෙසියෝ බොනෝරුම්
නා.ප්‍ර. ණයක් නොගෙවීම නිසා අධිකරණයේ නියමය පිට ණය හිමියාට අයත් වූ දේපල ඔහුට පවරා දීම.
සෙසු
වි. දක්වන ලද හෝ අවධාරණය කරන ලද දෙයින් බැහැර ; ශේෂ ; ඉතිරි.
සෙසුපටු
වි. උසස් කොට නොසලකනු ලැබිය යුතු ; ඒ සා විශාල වැදගත්කමකින් තොර.
සෙසුවෙන්
ක්‍රි.වි. භාරධූර ලෙස ගණන් ගැනීමක් නොමැතිව ; කරදර හිරිහැර විඳීමක් නැතිව.
සෙසුසෙසුත්
වි. වෙනස් වෙනස් ආකාරයෙන් යුක්ත වූ.
සෙසුසෙසුනුවෝ
නා.බහු. විශේෂයෙන් දක්වන ලද්දවුන් නොව, අන් අය ; වෙනත් අය.
සෙහෙ
වි. දක්ෂ.
සෙහෙන
නා. වියළි ප්‍රදේශවල කැලය කපා ගිනි තබා විශේෂයෙන් කටුසර බෝග සඳහා පිළියෙල කරගත් ගොවිබිම ; හේන.
සෙහෙනවා
1. ක්‍රි. ගොවිතැන් කිරීම පිණිස නගුලෙන් පොළොව බුරුල් කරනවා ; හානවා.
2. දරා ගන්නවා ; විඳගන්නවා.
සෙහෙන් කොටනවා
ක්‍රි. වාර්ෂිකව ගොඩ ධාන්‍ය වගා කිරීම සඳහා කැලය හෙළි කරනවා.
සෙළ
1. නා. සුදු පැහැය.
2. වංචනික භාවය.
3. හැඩපලු වුණු කෙස් කලබ.
4. සිංහ ආදී සතුන්ගේ කේශර.
5. සුළිය.
6. හෙළ.
සේ
1. නා.ප්‍ර. කැපීම ; වෙන් කිරීම.
2. ඩහදිය ; ස්වේද.
3. ඒ දණ්ඩ.
4. නොපමා බව ; ඉක්මන.
5. රශ්මිය.
6. හිරු රැස්.
7. හේතුව ; කාරණය.
8. භටයා ; හේවායා.
9. ඡායාව.
10. සුදුපාට.
11. ආකාරය ; පිළිවෙළ.
1. වි. දක්ෂ ; නිපුණ.
2. සමාන වූ ; වැනි වූ.
3. ඇසුරු කළ ; සේවිත.
සේ කෙහෙළි
නා.ප්‍ර. සුදු පාට කොඩිය ; ශ්වේත වර්ණ ධ්වජය.
සේක
1. නා.ප්‍ර. ජලය ආදියෙන් තෙමීම ; ජලය ඉසීම ; ජලය වත් කිරීම.
2. අප්‍රමාදය ; ඉක්මන.
නි. සෙයෙක බ.
සේකඩ
නා.ප්‍ර. රෙදි කඩ ; රෙදි කැබැල්ල.
සේකපාත්ර
නා.ප්‍ර. දිය ඉසීම සඳහා ගන්නා භාජනය.
සේකර
1. නා.ප්‍ර. සිහිල් රශ්මිය ඇත්තා ; චන්ද්‍රයා.
2. හිසෙහි පලඳින මල්දම ; මුදුන් මල්කඩ.
සේකර උවම්
නා.ප්‍ර. චන්ද්‍රයාගේ උපමාව ; චන්ද්රෝපමාව.
සේක්‍රම්
(පාරිභා.) නා.ප්‍ර. ශ්‍රෝණි මේඛලාව සම්බන්ධ වූ කශේරුකාව.
සේකා
නා.ප්‍ර. මිනිස් සිරුරේ බඩවැල් ආමාශයට සම්බන්ධ වන තැන ඇති කුඩා නාල තුන.