සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1862

සේඛමුනි

නා.ප්‍ර. සය වැදෑරුම් මුනිවරයන් අතුරෙන් එක් මුනිවරයෙක්.

සේඛශීල

නා.ප්‍ර. සෝවාන් මගෙහි සිට අරහත් මඟ දක්වා වූ මාර්ග හා ඵල සමග යෙදුණු ශීලය.

සේඛ්‍ය

වි. පෘථග්ජන භාවය ඉක්මවූ ආර්යයන් වහන්සේ පිළිබඳ වූ.

සේඛිය

1. නා.ප්‍ර. හික්මිය යුතු සහ පරිමණ්ඩල කොට හැඳීම් පෙරවීම් කළ යුතු චාරිත්‍ර විධිය.
2. ප්‍රාතිමෝක්ෂයෙහි අවසාන භාගයේ නාමය.

සේගමන්

නා.ප්‍ර. ඉක්මනින් යෑම ; ඉක්මන් ගමන.

සේචකය

නා. වලාකුළ.

සේචනය

නා. (ජලය ආදිය) ඉසීම ; විසිරවීම.

සේත

වි. සුදු ; ධවල ; ශ්වේත.

සේත පට පාරුතය

නා. සුදු වස්ත්‍ර දැරීම.

සේතච්ඡත්ත

නා.ප්‍ර. සුදු පිළියෙන් තැනූ කුඩය ; ශ්වේත ඡත්‍රය.

සේතචේල

නා.ප්‍ර. සුදු වස්ත්‍රය ; සුදු පැහැති රෙද්ද.

සේතු බද්ධය

නා. = සේතු සන්ධිය.

සේතු සන්ධිය

නා. තුවාල ලත් ශාකයක දෙපැත්තට පාලමක ආකාරයෙන් තවත් ළා අත්තක් සන්ධි කිරීම.

සේතුකාව

නා. කුඩා පාලම ; ඒදණ්ඩ ; හෙය.

සේතුඝාත

නා.ප්‍ර. ආපත්ති ස්කන්ධ නැසීම.

සේතුව

1. නා. ඇළ දොළ ආදියෙන් එතෙරවීම සඳහා දෙතෙර යා කොට දමන ලී කඳ ; ඒ දණ්ඩ ; පාලම.
2. අවයව දෙකක සම්බන්ධය ඇති කරන අවයවය.
3. මාර්ගය ; මඟ.
4. නිර්වාණාවබෝධය වළක්වන ආපත්ති ස්කන්ධය.

සේද

1. නා.ප්‍ර. පට රෙදි ; සිල්ක් රෙදි.
2. ස්වේදය ; ඩහදිය ; දාඩිය.
3. ඡේදය ; කොටස.

සේද කපු

නා.ප්‍ර. ඉඹුල් පුලුන්.

සේද කැලල

නා.ප්‍ර. බීජයෙහි කැලල ; පැළවෙන ධාන්‍ය ඇටයෙහි කැලල.

සේද තෙල්

නා.ප්‍ර. ශරීරගත තෛලය.

සේද පණුවා

නා. පට නූල් උපදවන දළඹුවෙක්; පටපණුවා.

සේද රොඩු

නා.ප්‍ර. නොඅඹරන ලද පට කෙඳි.

සේදජයා

නා. පටපණුවා.

සේදන

නා.ප්‍ර. ඡේක ජනයා ; පණ්ඩිත ජනයා ; වියත් ජනයා.