සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1863
සේදනය
1. නා. හුමාලයෙන් තැම්බීම.
2. ඩාදිය ගැන්වීම.
සේදමෝචක
වි. දහඩිය සොලවන.
සේදය
1. නා. දහඩිය.
2. තාපය ; තැවීම ; ඩහගැන්වීම.
සේදිය
(කථා.) නා.ප්ර. 1. ආකාරය ; ස්වරූපය.
2. විශේෂයෙන් සුවදුක් ආදිය පිළිබඳ තොරතුරු.
3. පැත්ත ; අංශය ; කොටස.
සේනං
නා.ප්ර. වහල කෙළවර ; අගුව.
සේනය
නා. හාන්සි වීම ; සයනය.
සේන්දු
1. නා.ප්ර. තීන්දුව.
2. භාර හෝ අයිති කිරීම.
3. ගණන් බේරීම ; හිලව් කිරීම ; ණය ගනුදෙනු සමථයකට පත් කිරීම.
සේන්දු වෙනවා
ක්රි. ළඟා වෙනවා ; පැමිණෙනවා.
සේනා චතුරඞ්ගය
නා. චතුරංගනී සේනාව ; ඇත්, අස්, රිය, පාබළ යන සතර අංගය.
සේනා සන්නිවේසය
නා. යුද සේනාව නිසි තැන හිඳුවීම ; කඳවුරු බැඳීම.
සේනා සමාගම
නා. සේනාව එක් වීම හෝ රාශි වීම.
සේනාංකය
නා. සේනාවේ ඇත්, අස්, රිය, පාබළ, නාවික, අහස් ආදී කාණ්ඩය ; සේනාවේ කොටස ; ඇණිය ; බළ ඇණිය.
සේනාකාය
නා.ප්ර. මහත් බළ සේනාව ; විශාල යුද හමුදාව.
සේනාධිනායක
නා.ප්ර. සේනාවේ නායකයා ; සේනාධිපති.
සේනාධීශ්වරත්වය
නා. සේනාවෙහි ප්රධානත්වය ; සේනාවෙහි නායකත්වය.
සේනානි
1. නා.ප්ර. සේනාවෙහි ප්රධානයා ; හමුදා අණ දෙන නිලධාරියා.
2. කතරගම දෙවියා.
සේනානිශ්රිත කථා
නා.ප්ර. හමුදාව ගැන කරන කථා ; භික්ෂූන් විසින් නොකළ යුතු දෙතිස් කථාවලින් එකක්.
සේනාපතියා
නා. සේනාවට අණ දෙන නායකයා.
සේනාභක්තය
නා. පුරාණ බදු විශේෂයක් ; සතුරන් රටක් ආක්රමණය කළ විට සහල්, ගිතෙල් ආදියෙන් අය කළ බද්ද.
සේනාමුඛ
නා.ප්ර. සේනා කණ්ඩායම.
සේනාව
1. නා. පිරිස ; සමූහය ; පිරිවර ; සෙනග.
2. භට පිරිස ; යුද හමුදාව ; එක්රැස් වූ ඇත්, අස් ආදී නොහොත් පාබළ නාවික ආදී අංශවලින් යුත් භට සමූහය.
සේනාව්යුහය
නා. යුද සේනාංක සකස් වී ඇති ආකාරය ; පිළිවෙළ.
සේනාසන චාරිකාව
නා. ඒ ඒ සේනාසනවල සැප පහසුකම් විචාරමින් ඇවිදීම.
සේනාසන මණ්ඩනා
නා.ප්ර. සේනාසන සැරසීම.