සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1864
සේනාසන සප්පාය
නා. සුදුසු සේනාසනයක විසීමේ සුවය.
සේනාසනය
නා. සෙනසුන ; භික්ෂූන් භාවනානුයෝගීව වසන තැන.
සේනාසනිකයා
නා. සේනාසනයක වාසය කරන තැනැත්තා.
සේනාස්ථාපක
වි. යුද සේනාව පිහිටුවන ; ස්ථාපනය කරන.
සේප්පුව
නා. ලෝහමය අල්මාරිය ; වටිනා දෑ සුරක්ෂිතව තබා ගත හැකි පෙට්ටිය.
සේපා
[සේ + පා]
1. නා.ප්‍ර. ඡේක ප්‍රයෝග ; වියත් වහර ; වියතුන්ගේ යෙදුම්.
2. චන්ද්‍රයා ; හඳ.
සේපාටික මීයා
(පාරිභා.) නා. (සත්ව.) සේපාටිකයක් සහිත මීයා.
සේපාටිකය
(පාරිභා.) නා. පැටවුන්ගේ ආරක්ෂාව සඳහා මවගේ උදරයේ සෑදී පවතින මල්ලක් වැනි අවයවය.
සේපිය
නා.ප්‍ර. දක්ෂ ස්ත්‍රිය ; නිපුණ කාන්තාව.
සේපියුම්
නා.ප්‍ර. සුදු මල ; ශ්වේත පද්මය.
සේපෙළ
නා. සෙවණැලි පෙළ ; ඡායා පන්තිය.
සේපොද
නා.ප්‍ර. ඩහදිය බිඳු ; ස්වේද බින්දු.
සේඵය
නා. පුරුෂ ලිංගය.
සේබියාව
නා. ප්රාතිමෝක්ෂයෙහි සිවුරු හැඳීම් පෙරවීම් ආදිය පිළිබඳ ඇතුළත් අවසාන භාගය.
සේම
1. වි. ආරක්ෂා සහිත ; නිර්භය වූ ; ක්ෂේම වූ.
2. භාග්‍යසම්පන්න.
නා.ප්‍ර. ආරක්ෂාව ; සුරක්ෂිත බව.
සේමඬල
නා. ඡායා මණ්ඩලය.
සේමිණි
නා.ප්‍ර. සුදු පාට මැණික ; පළිඟු මැණික.
සේමුවා
නා. මුවන් දඩයම් කිරීමේ දී, උන් රැවටීම සඳහා ගෙන යනු ලබන හීලෑ මුවා.
සේයා
1. නා.ප්‍ර. ඡායාව ; සෙවණැල්ල.
2. ප්‍රතිබිම්බය.
3. ඡායා මාත්‍රය.
4. මුරභටයා ; හේවායා.
සේයා ක්‍රමය
(පාරිභා.) නා. සිතියමක, චිත්රයක වර්ණ හා සෙවණ නිසි ලෙස යෙදීමේ ක්‍රමය.
සේරඅඩි
1. නා.ප්‍ර. වියන් බැඳීමෙන් පසු එල්ලෙන රෙදි පොටවල් වැසෙන සේ වටේට බඳින රෙද්ද.
2. ධර්මාසනයක් වටේට බඳින රෙද්ද.
සේරස
නා. චන්ද්‍රයා ; හඳ.
සේරි
වි. නිදහස් ; ස්වෛරී.
සේරිවාණිජ
නා.ප්‍ර. නිදහසේ තමා කැමති පළාත්වල ඇවිදිමින් වෙළඳාම් කරන තැනැත්තා.