සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1865

සේරිවිහාර

නා.ප්‍ර. ස්වෛරීව හැසිරීම.

සේරුව

1. නා. ධාන්‍ය වර්ග මනින මිම්මක්.
2. ආරංචිය.
3. කූඩාරම.
4. පිළිවෙළ.
5. ඡායාරූපය.
6. සරුංගලය ඉහළ යැවීමට යොදන නූල.

සේරුවන

නා. ශ්වේත රත්නය ; ස්ඵටික මාණික්‍යය.

සේරුවා

නා. කාල වර්ණ ජලචර පක්ෂියෙක්.

සේල

1. නා.ප්‍ර. ගල ; ශෛලය.
2. අසංඛ්‍යයක නාමය.

සේලංගා

නා.ප්‍ර. සුළි සුළං.

සේලකඩ

නා. රෙදි කැබැල්ල.

සේලය

නා. අඳින වස්ත්‍රය ; ඉණ වටා අඳින රෙද්ද.

සේලයින්

(පාරිභා.) නා.ප්‍ර. නික්ෂේපය සඳහා ගන්නා ලුණු ද්‍රාවණය.

සේලයින් ද්‍රාවණය

(පාරිභා.) නා. ලුණු ද්‍රාවණය.

සේලරුවා

නා. නාවිකයා ; නැවියා.

සේවක

1. වි. සේවාවෙහි යෙදී සිටින ; මෙහෙ කරන.
2. සේවය හා සම්බන්ධ.
3. සේවකයින් හා සම්බන්ධ.

සේවකයා

1. නා. ස්වාමියකු යටතේ සේවාවෙහි යෙදී සිටින්නා ; දාසයා.
2. වැටුප්, දීමනා ආදිය සඳහා ශ්‍රමයෙහි යෙදෙන්නා.
3. (ක්‍රිස්ති.) දේවගැතිවරයා.

සේවත

නා.ප්‍ර. පරිවාර ස්ත්‍රිය ; පිරිවර ලිය.

සේවත්

නා.ප්‍ර. ශ්වේත වර්ණ වස්තු ; සුදු පැහැති දෙය.

සේවන මාත්‍රාව

නා. අනුභවය සඳහා ගන්නා ප්‍රමාණය.

සේවන යන්ත්‍රණය

නා. ශාකයේ කඳ සුළඟට සෙලවෙද්දී ඇට විසි වීමේ බීජ ව්‍යාප්ති විධිය.

සේවනය

1. නා. ඇසුරු කිරීම ; ආශ්‍රය.
2. නියැළීම ; යෙදීම.
3. භාවිතය ; පුරුදු පුහුණු කිරීම.
4. පරිභෝගය ; භුක්ති විඳීම.
5. ඇප උපස්ථානය.

සේවනිය

(පාරිභා.) නා. 1. ඩිම්බ වෘන්තයේ බැඳී ඇති කොටස.
2. ශරීරයෙහි මැස්මක හැඩහුරුව ගත් ස්ථාන.

සේවනීය

වි. සේවනය කටයුතු ; ඇසුරු කළ යුතු.

සේවනූල

නා. ගිනි නූල ; ඩයිනමයිට් පත්තු කරන නූල ; වෙඩි නූල.

සේවය

1. නා. මෙහෙය ; වෘත්තිය ; වැටුපක් දීමනාවක් වෙනුවෙන් ඉටු කරන කාරිය.
2. උපස්ථානය ; සාත්තු සප්පායම.
3. රට, ජාතිය වෙනුවෙන් කරන මෙහෙවර.

සේවරි

වි. පිනවන රසයෙන් යුත් ; ලුණු රසයෙන් හෝ මිරිස් රසයෙන් යුත්.

සේවළා

නා.ප්‍ර. සුදු පැහැති වලාකුළ.