සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1866
සේව්‍ය
1. වි. සේවනය කළ යුතු ; ඇසුරු කළ යුතු.
2. පරිහරණය කළ යුතු.
සේව්‍ය කොන්දේසි
නා.ප්‍ර. සේවාව පිළිබඳ නියම.
සේව්‍ය වචන
නා.ප්‍ර. ප්‍රිය ගතිය ඇති කරන කියමන්.
සේව්යත්වය
නා. ඇසුරු කළ යුතු බව.
සේව්යප්රියාව
නා. ඇසුරු කිරීමට සුදුසු සුන්දර වනිතාව.
සේව්‍යය
නා. සේවනය කළ යුතු දෙය.
සේවා මණ්ඩල කළමනාකරණය
නා. සේවකයින් පිළිබඳ වාර්තා තබා ගැනීම හා සේවයේ කාර්යක්ෂමතාව සලකා ඔවුන් පාලනය කිරීම පිළිබඳ කටයුතු සංවිධානය.
සේවා රජ
නා.ප්‍ර. අග රජතුමකුට යටත් ප්‍රාදේශික රජ ; සාමන්ත රාජයා.
සේවා වියුක්තිය
නා. රැකී රක්ෂා පිළිබඳ හිඟය ; රැකියා නැතිකම ; විරැකියාව.
සේවා සෙනඟ
නා.ප්‍ර. යුද හමුදාව.
සේවාභටයා
නා. සොල්දාදුවා ; සෙබළා.
සේවායතිය
1. නා. ව්‍යාපාර ආයතනයක කටයුතු අත්හිටුවීම හෝ නවත්වා දැමීම.
2. සේවකයාගේ රැකියා අත්හිටුවීම.
සේවායෝජකයා
නා. රක්ෂාව දෙන තැනැත්තා ; ස්වාමියා.
සේවාර්ථියා
නා. සේවාපේක්ෂකයා ; සේවාදායකයා.
සේවාරාළ
නා.ප්‍ර. සොල්දාදුවා ; හේවායා ; හේවාරාළ.
සේවාල
නා.ප්‍ර. දිය සෙවෙල්.
සේවාව
1. නා. ආශ්‍රය ; ඇසුර.
2. මෙහෙය ; ලබා දෙන පහසුකම.
සේවැල්ල
නා. සුදු පාට වැලි.
සේවිංස් බැංකුව
නා. මුදල් ඉතිරි කිරීමේ බැංකුව.
සේවිකා කීටයා
නා. මීමැසි රංචුවක සිටින සේවක ගණයට ගැනෙන මී මැස්සියන්ගේ පිළවා.
සේවිකාව
1. නා. සේවාව සඳහා වැටුපක් ලබන ස්ත්‍රිය ; මෙහෙකාරිය.
2. (පැරණි ඉන්දියාවේ) යෙහෙළිය ; ඇසුරු කරන්නිය.
3. රෝහල් ආදී ආයතනවල උපස්ථායිකාව.
සේවිත
වි. ඇසුරු කරන ලද ; පාවිච්චි කරන ලද.
සේවිතව්‍ය
1. වි. ඇසුරු කළ යුතු.
2. පුරුදු පුහුණු කළ යුතු.
සේවිතව්‍යාසේවිතව්‍ය
වි. පුරුදු පුහුණු කටයුතු හා පුරුදු පුහුණු නොකටයුතු ; ඇසුරු කළ යුතු සහ නොකළ යුතු.