සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1867
සේවිසි
නා.ප්ර. තේවාව හෙවත් සේවාව සඳහා බෙර, දවුල්, තම්මැට්ට වැනි තූර්ය භාණ්ඩයන්ගේ වාදනය.
සේවුරු
[සේ + අවුරු]
නා.ප්ර. සුදු පවුරු.
සේශ්වර
වි. ඊශ්වරයෙකු, එනම් සර්වබලධාරී මැවුම්කරු ගැන විශ්වාස කරන.
සේසකොට
ක්රි.වි. සුළු ප්රමාණවලින් ; ටිකින් ටික ; සාමාන්ය ප්රමාණයට අඩුවෙන්.
සේසත
1. නා. ශ්වේත ඡත්රය.
2. පුරාණයේ දී භාවිත කළ රාජ ලාංඡනයක්.
3. රාජ්යය ; රාජ පදවිය.
4. පෙරහැර ආදියෙහි ගෙන යෑම ද, යම් තැන්හි ප්රදර්ශනය ද සඳහා ඉර, හඳ ආදියෙහි රූප සහිත නොහොත් තලාතු මිනිරන් සැරසිල්ලෙන් යුත් පැතලි කවාකාර මුදුනක් ද දිග මිටක් ද ඇති අලංකාර භාණ්ඩය.
5. උතුමන්ට ගෞරව පිණිස ඔසවන සුදු කුඩය.
6. යමකු සතු සියලු දේපල.
සේසත් නගනවා
1. ක්රි. (රූඪි.) රජකම ලබාගන්නවා ; රජ පදවියට පත් වෙනවා.
2. ගරු සම්මාන දැක්වීම සඳහා සුදු කුඩයක් ඔසවනවා.
සේසත් මඟුල
නා. රාජ පදවියට පත් කිරීමේ උත්සවය.
සේසනුව
නා. සියල්ල ; සමස්තය ; සියලු දෑ එක්තැන් කොට සලකනු ලබන ඒකකය.
සේසය
1. නා. ඉතිරිව ඇති කොටස ; ශේෂය ; අවශේෂය.
2. සුළු ප්රමාණය.
සේස්තරය
1. නා. කුලුපග මිත්ර සම්බන්ධතාවය.
2. ප්රසිද්ධිය.
සේසිත වෙනවා
ක්රි. අධික ලෙස උද්දාමයට පත් වෙනවා.
සේහස වැළ
නා. වැලක් මෙන් පිළිවෙළකට පියාඹන සුදු හංස සමූහය.
සෛංහල
වි. සිංහලයාට හෙවත් සිංහල වර්ගයාට අයිති ; සිංහලයා හෙවත් සිංහල වර්ගයා හා සම්බන්ධ.
සෛකත
වි. වැලි හැඩයට තිබෙන ; වැලි හා සම්බන්ධ ; වැලි මුසු.
1. නා.ප්ර. වැලි වේල්ල ; වැලි කණ්ඩිය ; වැලි තලාව.
2. බොහෝ පාෂාණ වර්ගවල ඇති ප්රධාන ද්රව්යය වන සිලිකන්ඩයොක්සයිඩ් 510 යන සංකේතයෙන් හැඳින්වෙන සංයෝගය.
සෛකතික
1. වි. විශ්වාස නොකරනසුලු ; සනාතන ධර්මය සැක කරන.
2. මිථ්යා අදහස්වලින් යුක්ත ; මිථ්යාමතික ; අසත්ය මාර්ගය විශ්වාස කරන.
සෛක්ය
නා.ප්ර. බොහෝ පාෂාණ සෑදී තිබෙන ප්රධාන ද්රව්යය වන සිලිකන්ඩයොක්සයිඩ්.
සෛටේස්
නා.ප්ර. සෙලියුලෝස් වල කෙඳි අංශුවලට කැඩීමට සමත් එන්සයිමයක්.
සෛද්ධාන්තික
1. වි. න්යාය රීතියක් මත රඳා පවත්නා.
2. මූලික සිද්ධාන්තයක් තාවකාලිකව පිළිගෙන ඉටු කරනු ලබන.
3. ප්රායෝගික නොවන.
සෛද්ධාන්තික අරමුණ
නා. ක්රියාත්මක කිරීමේ බලාපොරොත්තුවක් නැති ව හුදු න්යායයක් වශයෙන් යොදා ගැනීමේ අදහස.
සෛද්ධාන්තික ජ්යාමිතිය
නා. ප්රායෝගික වශයෙන් යොදා ගැනීම සඳහා නොව, හුදෙක් ප්රමේයයන්ගේ සත්යභාවය ඔප්පු කිරීමට පමණක් යොදා ගනු ලබන ජ්යාමිත අංශය.
සෛද්ධාන්තික පරීක්ෂාව
නා. පරීක්ෂණ උපකරණ ඇසුරින් අත්හදා බැලීම් ආදිය නොමැති ව න්යායාත්මක තර්කනයන් පමණක් ක්රියාත්මක කරන පරීක්ෂාව.
සෛද්ධාන්තික විවේචනය
නා. න්යාය සහ තර්කණය අනුව කිසිවක ගුණ අගුණ විමසීම.
සෛද්ධාන්තික විසඳුම
නා. තර්කය අනුව පමණක් විසඳුමක් සේ පෙනෙන නමුත් ක්රියාත්මක ප්රතිඵලයක් නොමැති විසඳුම.
සෛද්ධාන්තික විස්තරය
නා. ප්රායෝගිකත්වය නොසලකා න්යායාත්මක වශයෙන් විවරණය කිරීම.