සේසත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශ්වේත ඡත්‍රය.
2. පුරාණයේ දී භාවිත කළ රාජ ලාංඡනයක්.
3. රාජ්‍යය ; රාජ පදවිය.
4. පෙරහැර ආදියෙහි ගෙන යෑම ද, යම් තැන්හි ප්‍රදර්ශනය ද සඳහා ඉර, හඳ ආදියෙහි රූප සහිත නොහොත් තලාතු මිනිරන් සැරසිල්ලෙන් යුත් පැතලි කවාකාර මුදුනක් ද දිග මිටක් ද ඇති අලංකාර භාණ්ඩය.
5. උතුමන්ට ගෞරව පිණිස ඔසවන සුදු කුඩය.
6. යමකු සතු සියලු දේපල.