සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1868

සෛද්ධාන්තික සාධනය

නා. න්‍යායාත්මක ලෙස සත්‍යභාවය ඔප්පු කිරීම.

සෛන්ධව

1. වි. සින්ධු දේශයෙහි නොහොත් සින්ධු නදී තීරයෙහි හටගත් හෝ ඒවාට සම්බන්ධ හෝ ඒවායින් ප්‍රභව වූ පරපුරකට අයත්.
2. සහිඳ ලුණු.
3. සින්ධු දේශය නිජ බිම සේ ගත් ශ්‍රේෂ්ඨතම සේ සැලකෙන අශ්ව කුලය.

සෛන්ධවයා

නා. සෛන්ධව කුලයට අයත් අශ්වයා.

සෛන්‍යය

නා. යුද හමුදා බල ඇණිය.

සෛන්‍යයා

නා. යුද්ධ භටයා.

සෛන්‍යාවාසය

නා. යුද සේනාව නැවතී සිටින නිවාසය.

සෛනිකයා

නා. චතුරඞ්ගනී සේනාවෙන් ඕනෑම එකකට අයත් සාමාජිකයා ; යුද සෙබළා ; භටයා.

සෛල ගණාවාසය

නා. සෛල සමූහයක් එක්ව ජීවත් වන ස්ථානය.

සෛල ග්‍රසනිකාව

නා. (සත්ව.) ප්‍රොටොසෝවා ගණයට අයත් ඇතැම් ජීවීන්ගේ ප්‍රාක් ප්ලාස්මයේ සිට අපිචර්මයට විහිදෙන උගුරු නාලය වූ ආලිය.

සෛල ගුදය

නා. ප්‍රොටොසෝවා ගණයට අයත් ජීවින්ගේ ශරීරගත අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා උච්චර්මයෙහි ඇති ස්ථාවර දුර්වල ස්ථානය.

සෛල ජාන

නා.ප්‍ර. සෛල ප්ලාස්මය ගෙන යන ප්‍රවේණි අණුජාන විශේෂය.

සෛල ජාරක

වි. සෛලයක් දිරීමට හෙවත් ද්‍රාවණයට පත් කරන සුලු.

සෛල ජාරණය

(පාරිභා.) නා. රෝගයක් නිසා සෛල දිරාපත් වීම හෙවත් ද්‍රාවණය වීම.

සෛල ද්‍රව්‍යය

නා. සෛලයක් ඇති වීම සඳහා අවශ්‍ය එහි අන්තර්ගත ද්‍රව්‍ය.

සෛල පටලය

නා. ප්‍රාප්ලාස්මයේ බාහිර සීමාව සාදන ඉතා සියුම් පටලය.

සෛල පර්යටනාව

නා. සෛලයක් එක් තැනක සිට නියමිත දිශාවකට සංචරණය කිරීම.

සෛල ප්‍රවේණි විද්‍යාව

නා. සෛල විද්‍යාව සහ ප්‍රවේණි විද්‍යාව යන අංශ දෙක සංකලනයෙන් සැකසුණු අධ්‍යයන ක්ෂේත්‍රය.

සෛල බිත්තිය

නා. සෛලයට හැඩය හා ආරක්ෂාව ලබාදෙන සෙලියුලෝස්මය පිටවැස්ම.

සෛල විභාජනය

නා. අලුතින් සෛල ඇති වීම සඳහා පවතින සෛල කොටස්වලට බෙදී යාම.

සෛලතලය

නා. (උද්භි.) න්‍යෂ්ටික විභාජනයෙන් පසු ඇතිවන, සෛලප්ලාස්ම විභාජනය සිදු වන කාලයේ සිවියකින් බැඳුණු තලය.

සෛලදේහය

(පාරිභා.) නා. සෛලයේ තිබෙන සමස්තයක් වශයෙන් ගනු ලබන මුළු මහත් සෛල ප්ලාස්මය.

සෛලප්ලාස්මය

නා. සෛලයක න්‍යෂ්ටිය හැරුණු විට ප්‍රාක්ප්ලාස්මයේ අනික් කොටස.

සෛලපුටය

නා. ඒකසෛලීය ජීවීන් කෙරෙහි, විශේෂයෙන් සිලියොපෝරාවන් කෙරෙහි දක්නා ලැබෙන කටක් වැනි විවරය.

සෛලය

1. නා. සෑම සත්ව සහ ශාක ජීව වස්තුවක් ම නිර්මාණය වී ඇති කුඩාතම සජීවි ඒකකය.
2. කුඩා කාමරය ; කෝශය ; ගුහාව.
3. විප්ලවකාරී කුඩා දේශපාලන කණ්ඩායමක තිප්පොල.