සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1869
සෛලවාදය
නා. සෑම ජීවේන්ද්රියයකම මූලික ඒකකය සෛලය යන සිද්ධාන්තය පදනම් වූ උපකල්පනාව.
සෛලවිද්යාව
නා. සෛලවල ව්‍යුහය, ක්‍රියාවලිය, ප්‍රජනනය ආදිය පිළිබඳ ජීව විද්‍යා අංශය.
සෛලෝද්භවය
නා. මුලින් පැවති ප්‍රධාන බීජාණුවේ න්‍යෂ්ටිය බෙදී යාමෙන් ස්වාධීන සෛල ඇතිවීම.
සො
1. නා.ප්‍ර. කන.
2. ශෝකය.
3. ඩහදිය.
සොකඩය
නා. තවලමක ගවයන්ගේ කරේ එල්ලන නොහොත්, ගොවි බිම්වලින් සතුන් බියවද්දා පළවා හැරීම සඳහා ගැනෙන දාරුමය හෝ ලෝහමය සීනුව.
සොකර
වි. ඇද ; කොර ; වක් වූ.
සොකරා
1. නා. කෙට්ටු පුද්ගලයා.
2. කොර තැනැත්තා.
සොකරි
නා.ප්‍ර. පුරාණ සිංහල ගැමි නාටක විශේෂයක්.
සොක්කම්
වි. ආභරණ විශේෂයක්.
සොකැට්ටුව
නා. යමක් සවි කරනු ලබන වළ ; කෙවෙනිය.
සොච්චම
නා. ඉතා ස්වල්පය.
සොට්
නි. මැනවින් ; පහසුවෙන්.
සොට්ටි
වි. කොර ; අබ්බගාත ; අතක් හෝ කකුලක් කොට හෝ ඇද.
සොටිය
නා. ආයුධ විශේෂයක නාමය ; හෙල්ල ; හොටිය.
සොටු දිය
නා.ප්‍ර. නාසයෙන් වැගිරෙන සෙම වැනි අපවිත්‍ර ද්‍රව්‍යය.
සොණ්ඩ
1. නා.ප්‍ර. හොඬවැල ; හස්තියාගේ දික් වූ නාසය.
2. ලෝභය ; ආශාව.
3. ලොල් වූ තැනැත්තා.
වි. ලොල්.
සොණ්ඩක
නා.ප්‍ර. සුරා වෙළෙන්දා.
සොණ්ඩිය
නා. ගල්පර්වතවල ස්වාභාවික ව ඇති වී පවතින පොකුණ.
සොඬ
1. නා.ප්‍ර. ඇත් සොඬය.
2. ගිජු වූ පුද්ගලයා.
3. ඉබ්බාගේ හිස.
සොඬනල කරාමය
නා. ජලය ඈතට ගෙනයාම සඳහා රබර් නලයකට සවිකරන කරාමය.
සොඬනලය
නා. මෝටර් රථ රේඩියේටර්වලට සවි කරන මහත ශක්තිමත් රබර් නලය.
සොත්ථි
වි. යහපත් ; ශුභදායක.
සොත්ථි ශාලාව
නා. ආරෝග්‍ය ශාලාව.
සොන්
නා.ප්‍ර. බල්ලා ; සුනඛයා.