සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1870

සොන්දු

නා.ප්‍ර. සුන්දරිය ; සිත් අලවන ස්ත්‍රිය.

සොඳ

වි. සොඳුරු ; යහපත් ; සුබදායක ; ශෝභන ; සිත් අලවන ; ප්‍රියමනාප.

සොඳරහට

ක්‍රි.වි. මනා වූ ආකාරයට.

සොඳිරි

නා.ප්‍ර. කටුසු වර්ගයක් ; බෝදිලිමා.

සොඳුර

1. නා.ප්‍ර. යහපත් කාන්තාව.
2. ප්‍රිය වූ බිරිඳ.

සොඳුරු

වි. සුන්දර ; යහපත්.

සොප්නය

නා. සිහිනය ; ස්වප්නය.

සොප්පට

(කථා.) වි. අසමර්ථ ; අදක්ෂ.

සොප්පනිය

නා. ඇඳ හෝ නිදා ගැනීමට භාවිතා කරන එවැනි ගෘහෝපකරණය.

සොප්පියය

නා. වරකට බීමට සුදුසු ප්‍රමාණය.

සොපු

වි. මිථ්‍යා ; බොරු ; වැරදි.

සොබ

1. නා.ප්‍ර. උපමාව.
2. වළ ; ජිද්‍රය.

සොබන

1. වි. ශෝභන වූ ; බබළන.
2. යහපත් ; මනා ; සොඳ.
3. සුදුසු ; ඔබින.
1. නා.ප්‍ර. දෙවියා.
2. යහපත.

සොබමන

වි. ශෝභමාන ; ශෝභාවෙන් යුත්.

සොබ්භ

නා.ප්‍ර. දියවළ ; හෙබ.

සොබාදම

නා. කෙනෙකුගේ බලපෑමක් නැති ව ස්වභාවිකව යමක් සිදුවීමේ න්‍යාය ; ස්වභාව ධර්මය.

සොබැග

නා.ප්‍ර. සෞභාග්‍යය.

සොබී

වි. මනහර ; ශෝභන.

සොබොන

වි. හොබවන ; අලංකාර කරන.

සොම්නස

නා.ප්‍ර. සතුට ; ප්‍රීතිය ; සන්තෝෂය.

සොම්නස්

වි. සතුටින් යුතු ; ප්‍රීතිමත්.

සොම්ම

නා.ප්‍ර. නුවණැත්තා.

සොම්මර

නා.ප්‍ර. සම් වැඩ කරන්නා ; සම්වලින් භාණ්ඩ සාදන්නා.

සොමි

1. වි. සෞම්‍ය ; කර්කෂ නුවූ ; ශාන්ත ; දැකුම්කළු.
1. නා.ප්‍ර. සෞම්‍යබව ; මනහර බව ; කර්කෂ නොවන බව.
2. සෞම්‍ය රසය.
3. චන්ද්‍රයා ; සඳ.
4. බුධ ග්‍රහයා.
5. උතුරු දිශාව.