සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1871
සොමිකුල
නා.ප්‍ර. සෞම්‍ය වූ වංශය ; සඳකුලය.
සොමිදා
නා.ප්‍ර. සෞම්‍ය වූ ධාතුව ; ශුක්‍ර ධාතුව.
සොමිදින
නා.ප්‍ර. සඳුදින ; සඳුදා.
සොමිදෙස
නා.ප්‍ර. වම්පැත්ත ; වම් පාර්ශ්වය.
සොමිසඳාණෝ
නා.බහු. (ගෞරවාර්ථ) සෞම්‍ය වූ චන්ද්‍රයා බඳු බුදුරජාණන් වහන්සේ.
සොමිසුත
නා.ප්‍ර. බුද දිනය ; බදාදා.
සොයනවා
1. ක්‍රි. චෝදනා කරනවා ; දොස් පවරනවා.
2. ශුද්ධ කරනවා ; පිරිසිදු කරනවා.
3. සේවනය කරනවා ; ඇසුරු කරනවා.
4. පරික්ෂා කරනවා ; ඇති තතු විමසා බලනවා ; නැති වූ දෙයක් ගැන විපරම් කරනවා.
5. සියුම් ලෙස අධ්‍යයනය කරනවා.
6. සෙවිලි කරනවා ; උළු, වියූ පොල් අතු ආදියෙන් වහලක් වහනවා.
සොයපත
නා. සෝතාපත්තිය ; සෝවාන් ඵලය.
සොයා ගන්නවා
1. ක්‍රි. පරීක්ෂාකර අනාවරණය කරගන්නවා ; දුෂ්කර ගැඹුරු අදහස් අර්ථ ආදිය ලබා ගන්නවා.
2. නැති වූ දෙයක් ලබා ගන්නවා.
3. අමුතු දෙයක් නිපදවනවා.
සොයිබය
නා. ලෝහමය පීල්ලක් හෝ බම්බුවක් තුළ එහා මෙහා කරන කූරක් මඟින් ක්‍රියාත්මක වන දොර අගුලු විශේෂයක්.
සොර
වි. වංචා සහගත ; සැබෑ තතු සඟවන ; අනුන් සතු දෑ රහසින් පැහැර ගැනීමේ චේතනාවෙන් යුත් ; හොර.
සොර කහවණු
1. නා.ප්‍ර. හොරට සාදා ඇති කහවණු.
2. අසාධාරණ අයුරින් උපයා ගන්නා ලද ධනය.
සොර වියල්
නා.ප්‍ර. සොර විසර්ප ; හොරිගෙඩි ; සමපිට සෑදෙන ගෙඩි විශේෂයක්.
සොර වෙළඳාම
නා. කූට උපක්‍රම සහ වංචා යොදමින් කරන වෙළඳාම.
සොරකුරු
නා.ප්‍ර. ස්වර අකුරු ; ප්රාණාක්ෂර.
සොරග
නා.ප්‍ර. සිපිරිගෙය ; බන්ධනාගාරය.
සොරණෑව
නා. පංචතූර්ය භාණ්ඩයන්ට අයත් සුසිර භාණ්ඩයක් ; පිඹින ලොකු නලා විශේෂයක් ; හොරණෑව.
සොරණුවා
නා. සොරා ; චෞරයා.
සොරඬිය
නා. (විශේෂයෙන්ම) තේ වතුවල කුඩා වල් පැළෑටි උදුරා දැමීමට භාවිතා කරන කුඩා ලෝහ හෝ දැව ආයුධය.
සොරත
වි. ඇලුණු ; සැදැහැති.
සොරදෙටුවා
නා. සොරුන්ගේ ප්‍රධානියා ; හොර කල්ලියක නායකයා.
සොරදොර
නා.ප්‍ර. වැවක සොරොව්වට සම්බන්ධ දොර ; ජලාශයක සොරොව්වේ පවතින දොර.
සොරපත්
නා.ප්‍ර. හොර ලියුම්.
සොරබිය
නා.ප්‍ර. සොරුන් නිසා සිදු වන බිය, විපත් ආදිය.