සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1872

සොරබේදය

නා. ස්වර භේදය ; උච්චාරණය අපහසු වන සේ උගුරේ ඇති වන ආබාධයක්.

සොරමල

නා.ප්‍ර. සතුන් අල්වා ගැනීමට සඟවා අටවන මල පුඬුව ; තොණ්ඩුව.

සොරමසු

නා.ප්‍ර. හොර මසුරන් කාසි ; නීති විරෝධි ව සෑදු කහවණු.

සොරමාරු

නා.ප්‍ර. සොරුන්ගේ කපටිකම් ; සොර මායම්.

සොරමිනුම්

නා.ප්‍ර. හොරට මැනීම ; වංචා සහගත ලෙස අඩුවෙන් මැනීම.

සොරමුල

නා. සොරුන් කණ්ඩායම ; හොර රංචුව.

සොරවැල්ල

නා. මුහුදු දිය අසල ම ඇති වැල්ල ; රළ පහරින් සේදෙන වැල්ල.

සොරස

1. නා. ස්වරසය ; ඉස්ම ; යුෂය.
2. නිකරය ; බීජාණුධානි පොකුර.

සොරසිස

නා. මුල් කීපයකින් යුත් සම්පූර්ණ පුෂ්ප මංජරියකින් බිහිවන සංයුක්ත ඵල වර්ගය.

සොරා

1. නා.ප්‍ර. අනුන් සතු දේ වංචාවෙන් රහසිගතව පැහැර ගන්නා ; චෞරයා.
2. කපටියා ; බොරුකාරයා ; වංචාකාරයා.

සොරැස්ටියන් ධර්මය

නා. ක්‍රිස්තු වර්ෂාරම්භයට පෙර මධ්‍යම ආසියාවේ පැතිරුණු සොරොවැස්ටර් නම් දාර්ශනිකයාගේ ධර්මය.

සොරෙහි

නා.ප්‍ර. උමඟ.

සොරො

වි. සාරවත් ; සරු.

සොරොනීතය

නා. මඳ වශයෙන් උණ සහිත දුබල ගතිය.

සොරොවු බේසම

නා. කුස්සිය ආදී ස්ථානවල පිඟන් ආදිය සේදීම් සඳහා ජලය රඳවා ගැනීමට ඇති කුඩා ටැංකි විශේෂය.

සොරොවුව

නා. වැව් ජලය ගොවි බිම කරා පිට කර යවනු සඳහා එහි බැම්මේ ඇති කරන ලද ද්වාරය.

සොලනේයි කුලය

නා. තක්කාලි, වම්බටු, අර්තාපල් ආදිය අයත්වන ශාක ගණය.

සොලනොයිඩය

නා. විදුලිය ධාරාවක් යැවූ විට කාන්දම් දණ්ඩක් ලෙස ක්‍රියාකරන නලාකාර කම්බි දඟරයක්.

සොලරු

නා.ප්‍ර. හෑල්ලුව ; බාල්දුව.

සොලවනවා

1. ක්‍රි. චංචල කරනවා ; එහා මෙහා කරනවා.
2. ඉවත් කරනවා ; ස්ථානය මාරු කරනවා.
3. කළඹනවා ; කලත්තනවා.

සොල්

නා.ප්‍ර. හිස්දෙය ; නිස්සාර දෙය.

සොල්ටීරියම්

නා.ප්‍ර. රෝමන්ථකයන්ගේ තුන්වැනි ආමාශය ; ත්‍රිකාමාශය.

සොල්දර කරාමය

නා. ලෑලි ආදිය අල්ලා තද කිරීමට ගන්නා වඩු කරාම විශේෂයක්.

සොල්දරය

නා. ගොඩනැගිලි ආදියේ බිත්ති උසට නංවා තනන මහල ; උඩු මහල.