සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1873
සොල්දාදුවා
නා. යුධ හමුදාවේ භටයා ; සෙබළා ; හේවායා.
සොල්දෝ
නා.ප්‍ර. ශ්‍රී ලංකාවේ පෘතුගීසි පාලනය යටතේ පැවති පළාත්හි මුදලිවරු, හමුදා නිලධාරි ආදින්ට ගෙවූ වැටුප් හෙවත් දීමනා.
සොල්පටරාව
නා. අක්‍රිය ගිනිකන්දක විවරය.
සොල්මන
1. නා. සෙලැවීම ; සෙලවෙන බව.
2. හඬ ; ශබ්දය.
3. යක්ෂ භූත ආදී අමනුෂ්‍ය රූපය.
සොල්ලාදුව
1. නා. ආඩම්බරය ; අහංකාරකම ; උඩඟුව.
2. නිකරුණේ ඇවිදීම ; රස්තියාදුව.
සොලිස්ටර් ජෙනරාල්
නා.ප්‍ර. ඇටෝර්නි ජෙනරාල්ට පහළින් සිටින රජයේ නීති නිලධාරියා.
සොලිසිටර්
නා.ප්‍ර. නීතියෙහි ආධාර පතන අයට උපදෙස් දීමට හෝ යොමු කිරීමට හෝ සුදුසුකම් ඇති නීතිඥයා.
සොලු
1. නා.ප්‍ර. සැරයටිය ; බස්තම; දණ්ඩ.
2. හිස ආදී තන්හි අලංකාරයට බඳින පටිය.
සොලෙනොගස්ටරයා
(පාරිභා.) නා. පණුවන් බඳු, මෘද්වංගීන්ගේ අනුබෙදීමක් ; පිටකටුවක් නැති බව විශේෂ ලක්ෂණයයි.
සොලොප්පුව
1. නා. බෑවුම ; ක්‍රමවත් පල්ලම.
2. කාණුව ; අගල.
සොලොව
1. නා. සංස්කෘත පද්‍යය ; ශ්ලෝකය.
2. සංස්කෘත පාළි පද්‍ය අනුව බඳින ලද සිංහල පද්‍යය.
සොව
1. නා. ශෝකය ; දුක.
2. ලජ්ජාව.
3. කුඩා දෙය ; ක්ෂුද්‍ර වස්තුව.
4. සුවඳ.
5. ගීතය.
6. ප්‍රසන්න භාවය.
සොවක
නා.ප්‍ර. සුගන්ධය.
සොවණ
නා.ප්‍ර. රත්රන් ; ස්වර්ණ.
සොවණ කොතුර
නා.ප්‍ර. රන් කොතලය.
සොවනවා
ක්‍රි. ශෝක කරනවා ; ශෝක වෙනවා.
සොවන්
වි. නිවන් මඟට පැමිණි ; සෝතාපන්න.
සොවල්
නා.ප්‍ර. අසවලා.
සොවස්
නා.ප්‍ර. පුරාණයේ ඉඩකඩම් ආදිය සඳහා අය කළ ගාස්තුව ; කුලිය.
සොව්
1. නා.ප්‍ර. ශෝකය.
2. ශ්‍රවණය ; ඇසීම.
සොවැත
වි. සෝවාන් බවට පත් වූ.
සොවැත්ත
නා.ප්‍ර. ශුභ වස්තුව ; ශුභ ලාංඡනය ; මඟුල් ලකුණ ; ස්වස්තිකය.
සොවිසා
නා.ප්‍ර. ප්රොටෝසොවියා නම් සත්ව ගණයේ කීට අවස්ථාව.
සොවුරු
වි. එක් මවගේ දරු වූ ; එක් කුස උපන්.