සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1874

සොස

නා. ශ්වාස නම් රෝගය ; කාශ රෝගය.

සොස්නිය

(කථා.) නා. දොර පිළ ; අගුව.

සොසානික

වි. සුසානයෙහි හෙවත් සොහොනෙහි වූ ; සොහොන් හා සම්බන්ධ.

සොසිනවා

1. ක්‍රි. ශෝක කරනවා.
2. හුස්ම ගන්නවා.
3. සුසුම් ලනවා.
4. වේළෙනවා.

සොසු

1. නා.ප්‍ර. මුව පෙදෙස ; හොම්බ ; හොස්ස.
2. ශෝකය.

සොසුළු

වි. ඩහදිය ගැලූ.

සොසුළුවා

නා. ඩහදිය හෙලූ තැනැත්තා ; වෙහෙසුණු පුද්ගලයා.

සොසොපු

වි. බොරු ; මිථ්‍යා ; ව්‍යාජ.

සොහොන

1. නා. මළ මිනී ඉවත දමන, වළලන, දවන ස්ථානය ; සුසාන භූමිය ; සොහොන් බිම.
2. මළ සිරුරක් මිහිදන් ව පවතින, හෝ එය දැවීමෙන් ඉතුරු වන අළු තැන්පත් ව ඇති තැන.

සොහොන් කඩ

නා.ප්‍ර. මිනී මරා (සොහොනේ) ඉවත දමන රෙදි.

සොහොන් කිළිය

1. නා. සොහොන් පිටියෙහි ඇති පැල හෝ ශාලාව.
2. සොහොන් කොත ; මිනී අළු ආදිය හෝ මීනි තැන්පත්කොට සාදනු ලබන ස්මාරකය.

සොහොන් කුම්බය

නා. යක් තොවිල්වල දී ඇදුරකු සොහොනක් මත දපා කරන යාතුකර්මයක්.

සොහොන් කොත

නා. වළලන ලද මිනීවළ මත හෝ මිනීඅළු ආදිය තැන්පත් කොටස් මත හෝ තනන ස්මාරකය.

සොහොන් ගොවුවා

නා. සොහොන් පිටිය රැකබලා ගන්නා තැනැත්තා ; සොහොන් පල්ලා.

සොහොයුරා

නා. සහෝදරයා.

සොහොයුරිය

නා. සහෝදරිය.

සොළසඟුල

නා. අඟල් දහසය.

සොළොස් කලාව

නා. චන්ද්‍රයාගෙන් දහසයෙන් පංගුව.

සොළොස්මස්ථාන

නා.බහු. ප්‍රධාන දේශීය බෞද්ධ සිද්ධස්ථාන වශයෙන් ගැනෙන පූජනීය ස්ථාන දහසය.

සෝ

1. නා.ප්‍ර. ශෝකය.
2. කණ.
3. දියපාර ; ඔය.

සෝකය

නා. දුක ; ශෝකය කණගාටුව ; වේදනාව.

සෝගම්

නා.ප්‍ර. බඩ ඉඟුරු.

සෝඩා

(පාරිභා.) නා.ප්‍ර. සෝඩියම්වල විවිධ සංයෝග.

සෝඩා විරංජකය

(පාරිභා.) නා. සෝඩියම් පෙරොක්සයිඩයේ ද තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ද මිශ්‍රණයක්.