සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1875

සෝඩිය

නා. වර්ණ මාලාව ; භාෂාවකට අයත් අක්ෂර මාලාව ; හෝඩිය.

සෝඩියම්

(පාරිභා.) නා.ප්‍ර. ආවර්තිතා වගුවේ පළමු කාණ්ඩයේ ඇති ලෝහමය මූල ද්‍රව්‍යයක්.

සෝඩියම් ආසනයිට්

(පාරිභා.) නා.ප්‍ර. කෝස්ටික් සෝඩා ද්‍රාවණයක ආසිනියස් ඔක්සයිඩ් ද්‍රවණය වීමෙන් සෑදෙන ආම්ලික ලවණයක්.

සෝඩියම් කාබනේට්

නා.ප්‍ර. කෑමට ගන්නා සාමාන්‍ය ලුණු.

සෝඩියම් නයිට්‍රේට්

(පාරිභා.) නා.ප්‍ර. පොහොර සඳහා භාවිත සුදු ස්ඵටික රූප ද්‍රව්‍යය.

සෝඩියම් බයිකාබනේට්

නා.ප්‍ර. ජලයේ දිය වන සුදු කුඩු විශේෂයක් ; බේකිං සෝඩා.

සෝඩියම් මොනොක්සයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. සෝඩියම් රත් කිරීමෙන් ලැබෙන සුදු පැහැති ඝන ද්‍රව්‍යය.

සෝඩියම් සල්ෆේට්

(පාරිභා.) නා.ප්‍ර. බෙහෙත් සඳහා ගනු ලබන ලවණ විශේෂයක්.

සෝඩියම් සිලිකේට්

(පාරිභා.) නා.ප්‍ර. සිලිකා සමග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ලවණයක්.

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමෙන් සෑදෙන කෝස්ටික් සෝඩා.

සෝණ

නා.ප්‍ර. බල්ලා ; සුනඛයා.

සෝණිත

1. නා.ප්‍ර. ලෙය ; රුධිරය.
2. දරුවකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය වන ස්ත්‍රී බීජය ; ශ්‍රෝණිතය.

සෝතය

1. නා. දියපාර ; කුඩා වතුර පාර ; ඔය.
2. කන ; කර්ණය.

සෝත්සාහය

නා. ස්ව උත්සාහය ; තමන්ගේම උත්සාහය ; තමාගේම ප්‍රයත්නය ; වීර්යය ; ව්‍යායාමය.

සෝතාපත්තිය

නා.ප්‍ර. ආර්ය මාර්ග නමැති ශ්‍රෝතසයට පැමිණීම ; සෝවාන් වීම.

සෝතායතන

නා.ප්‍ර. කන නමැති ආයතනය ; ශ්‍රවණය පිළිබඳ ආයතනය.

සෝතුකාම

වි. අසනු කැමැති.

සෝතුරු

වි. ශෝකය ගෙන දෙන.

සෝදනවා

ක්‍රි. ජලය හෝ වෙන යම් ද්‍රව්‍යයකින් යමක අපිරිසිදු භාවය ඉවත් කරනවා ; ධෝවනය කරනවා.

සෝදා පාළුව

නා. වර්ෂාවෙන් සුළඟින්, ඇළ දොළ ගංගා ජලයෙන් හා හිමෙන් පස සෝදා ගෙන යෑම ; පාංශු ඛාදනය.

සෝදිය

නා.ප්‍ර. ඩහදිය.

සෝදිසි

වි. පරික්ෂා සහගත ; විමසිලිමත්.

සෝදිසි වරෙන්තුව

නා. වරදකට සැක කරන අයෙකු ගැන සොයා බැලීම සඳහා නිකුත් කරන වරෙන්තුව.

සෝදුපත

නා. යමක් මුද්‍රණය කොට අවසන් කිරීමට ප්‍රථම එහි පැවතිය හැකි දෝෂ ආදිය ඉවත් කිරීමට සපයනු ලබන මුල් පිටපත ; ශෝධ්‍ය පත්‍රය.