සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1876

සෝදුව

1. නා. ජලයෙන් සෝදා හැරීම.
2. සෝදු පත.

සෝධකයා

(කථා.) නා. ශුද්ධ පවිත්‍ර කරන්නා ; යම් ස්ථානයක් හෝ යමක අපවිත්‍ර දෑ ඉවත්කොට පිරිසිදු කරන්නා.

සෝධන

නා.ප්‍ර. පිරිසිදු කිරීම ; ශෝධනය.

සෝන

1. නා.ප්‍ර. බල්ලා.
2. සොහොන.

සෝනිත

නා.ප්‍ර. ලේ ; රුධිරය.

සෝපද්‍රව

වි. උවදුරු සහිත.

සෝපධිශේෂ

වි. උපධි සංඛ්‍යාත පංචස්කන්ධය පමණක් ඉතිරි ව ඇති.

සෝපහාස

වි. උපහාසාත්මක ; උපහාස සහිත.

සෝපාංගක

(පාරිභා.) වි. කුඩා උපාංග තිබෙන.

සෝපාන

නා.ප්‍ර. තරප්පුව ; පියගැට පෙළ ; හිණ ; ඉණිමඟ.

සෝපාව

නා. ඇඳක් වැනි දිගටි ආසනය ; කවිච්චිය.

සෝබන

වි. මනහර ; ශෝභමාන.

සෝභමාන

වි. බබළන ; ශෝභාමත්.

සෝභාව

නා. කාන්තිය ; දීප්තිය ; මනහර බව ; ප්‍රභාව.

සෝම

1. නා.ප්‍ර. හඳ ; චන්ද්‍රයා.
2. දෙවියකුගේ නාමය.
3. යාගහෝමවලදී භාවිත කරන පානයක්.
4. ස්ත්‍රී රෝගයක නාමය.

සෝමන

නා. අතීතයෙහි දේශීය ප්‍රභූ පිරිස භාවිත යටි කය වස්ත්‍රය.

සෝමනස්ස

නා.ප්‍ර. සොම්නස ; සතුට.

සෝමාරි

වි. උදාසීන ; අලස ; කම්මැලි ; දුර්වල.

සෝයා

නා.ප්‍ර. මාංශජනක ධාතු අධික වූ බීජ සහිත රනිල කුලයේ ශාකයක් ; එම ශාකයේ ඇට.

සෝල

නා.ප්‍ර. කොන්තය ; සෙංකෝලය.

සෝල්ට්පීටර්

(පාරිභා.) නා.ප්‍ර. සෝඩියම් නයිට්‍රේට් නම් ලවණ වර්ගය.

සෝල්ටීරියම

(පාරිභා.) නා. රෝමන්ථකයන්ගේ තුන් වැනි ආමාශය ; ත්‍රිකාමාශය.

සෝල්බරි ආණ්ඩු ක්‍රමය

නා. සෝල්බරි කොමිෂන් සභාව විසින් යෝජනා කරන ලදුව 1947 දී ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩු ක්‍රමය.

සෝල්බරි කොමිසම

නා. සෝල්බරි සාමිවරයාගේ ප්‍රධානත්වයෙන්, බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් මෙරට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා ඉදිරිපත් කිරිමට පත්කර එවන ලද කොමිෂන් සභාව.