සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1877
සෝලුව
1. නා. සැරයටිය ; යෂ්ටිය.
2. මලින් කළ සැරසිල්ල.
3. නළල් පට.
සෝවාන්
නා.ප්‍ර. සෝවාන් මාර්ගය හෝ සෝවාන් ඵලය ; කෙලෙසුන් නැසීමේ මාර්ගයට පිවිසි ආර්යයා විසින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන සිඳදැමීමෙන් ඇතිවන තත්වය.
සෝවාන් ඵලය
නා. සෝවාන් මාර්ගයට පැමිණි පුද්ගලයාට ඒ සමගම පහළවන තත්ත්වය.
සෝවාන් මඟ
නා.ප්‍ර. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පළමුවරට පැමිණීම.
සෝස්
නා.ප්‍ර. ආහාර රසවත් කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් තක්කාලි, මිරිස්, සුදුලූනු, සෝයා ආදියෙන් සාදනු ලබන උකු දියරයක්.
සෝළිය
1. නා. වස්ත්‍රය ; රෙද්ද.
2. දෝෂාරෝපණය
සෝළුව
1. නා. මල් වඩම ; මාලා දාමය.
2. බස්තම.
සෞඛ්‍ය
වි. සනීපය පිළිබඳ ; සුවය සම්බන්ධ.
සෞඛ්‍යය
නා. සනීපය ; සුවය.
සෞඛ්යාගාරය
(පාරිභා.) නා. ක්ෂයරෝග ආදී පෙණහැල්ලේ ආබාධවලින් පෙළෙන රෝගීන්ට සුවය ලබාදෙන ආයතනය.
සෞඛ්යාරක්ෂක
වි. සනීපය ආරක්ෂා කරන.
සෞගන්ධික
වි. සුවඳින් යුත් ; සුවඳවත් ; සුගන්ධ.
සෞජන්ය
වි. සත්පුරුෂ ගුණයුත් ; සුජනවත්.
සෞත්‍රාන්තික
වි. සූත්‍ර පිටකය හදාරන හෝ දරන ; සූත්‍රවලට අයත් ; සූත්‍ර හා සම්බන්ධ.
සෞන්දර්ය
වි. අලංකාර ; සුන්දර ; ලස්සන.
සෞන්දර්යය
නා. සුන්දරත්වය ; අලංකාරය ; ලාවණ්‍යය.
සෞභාග්‍යය
1. නා. මනෝඥ බව ; සුන්දරත්වය.
2. සම්පත ; ඓශ්චර්යය.
3. වාසනාව.
සෞමනස්‍යය
නා. සොම්නස ; සතුට ; ප්‍රීතිය.
සෞම්‍ය
1. වි. සිත්ගන්නා ස්වභාවයෙන් යුත් ; මෘදුභාවය ඇති.
2. සිසිල් ගුණය ඇති ; සැපදායක.
සෞම්‍ය කලාපය
(පාරිභා.) නා. සමශීතෝෂ්ණ දේශගුණික කලාපය.
සෞර
වි. සූර්යයා පිළිබඳ ; සූර්යයා සම්බන්ධ.
1. නා.ප්‍ර. සූර්ය වර්ෂය.
2. දින තිහකින් යුතු සූර්ය මාසය.
සෞරකාමී
(පාරිභා.) වි. හිරු එළියට කැමති.
සෞරග්‍රහ මණ්ඩලය
නා. සූර්යයා වටේ භ්‍රමණය වන බුධ, ශුක්‍ර, පෘථිවි, කුජ, ගුරු, ශනි, යුරේනස් නැප්චූන් යන ග්‍රහ පඞ්ක්තිය ; සූර්ය ග්‍රහ මණ්ඩලය.
සෞරප්රතානය
(පාරිභා.) නා. ආමාශය පිටුපස තිබෙන ස්නායු ජාලය.