පා

pā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කකුලේ වළලු කරෙන් පහළ කොටස ; පාදය ; පය.
2. ඇඳ පුටු මේස වැනි උපකරණවල ආධාරකය හෙවත් කකුල.
3. පර්වත ආදියෙහි පහත් මට්ටම.
4. ගස්වැල්හි මුල ; රුක්මුල ; වෘක්ෂමූලය.
5. කණුව ; ඉන්න ; කුලුන.
6. රැස් ; රශ්මිය.
7. හතරෙන් පංගුව.
8. අත්තිවාරම ; පදනම ; පාදකය.
9. බඳුන ; භාජනය ; පාත්‍රය ; තැටිය
10. ප්‍රභූන්ගේ නිවාසය ; මන්දිරය ; ප්‍රාසාදය.
11. රුක ; වෘක්ෂය.
12. පව ; පාපය ; අකුසලය.
13. දිය ; පැන් ; ජලය.
14. කිරි ; ක්ෂීර.
15. කිරෙන් පිසූ බත ; කිරිබත.
16. පදය ; වචනය ; පද්‍යයක පාදය.
17. පැහැය ; ප්‍රභාව.
18. පෙළදහම ; ත්‍රිපිටක පාළිය ; බුද්ධ භාෂිතය.
19. පිහිට ; ආධාරය.
20. පාලනය කරන්නා ; ආරක්ෂකයා.
21. පියාපත ; පක්ෂපත්‍රය ;
22. පාශය ; පුඩුව.
23. අරණ ; වනය.
24. අපාය.
25. රාගය ; ආශාව.
26. පියා ; පිතෘ.
27. පඩි ; පියගැට.
1. වි. පිසන ල.
2. පානය කරන ; බොන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. රක්ඛණෙ, රැකීමෙහි, පාති රකියි.
√ භු. පානෙ, පීමෙහි, පාති, පිබති, පීවති, පානය කරයි, බොයි.
√ භු. පුරාණෙ, පිරීමෙහි පාති, පුරවයි.
√ භු. රැකීමෙහි, පාති, ආරක්ෂා කරයි. (පි. 381)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bowl
2. n. foot
3. n. mansion

Digital Pāḷi Dictionary