සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1063
ප්‍රොතෙස්තන්ත
නා.ප්‍ර. කතෝලික සභාවෙන් සකස් කරගන්නා ලද ක්‍රිස්තියානි සභාවලින් කවර හෝ එකක්.
ප්රෝක්ත
වි. කියන ලද ; පවසන ලද ; ප්‍රකාශිත.
ප්රෝක්තය
1. නා. කියන ලද්ද ; = මනාව කියූ තෙපුල.
2. (විනිශ්චයාත්මක) ප්රකාශනය ; සිද්ධාන්තය.
ප්‍රෝටීන සංශ්ලේෂණය
(පාරිභා.) නා. ප්‍රෝටීනවල ඇතුළත් සරල ද්‍රව්‍යවලින් සංකීර්ණ ද්‍රව්‍යයන් ගොඩනැගීමේ ක්‍රියාවලිය.
ප්‍රෝටීන්
(පාරිභා.) නා.ප්‍ර. සත්ත්ව හා ශාක වර්ධනයෙහි ලා ඉවහල් වන පදාර්ථ විශේෂයක් ; මාංසජනක ධාතු.
ප්‍රෝටෝනය
(පාරිභා.) නා. ඉලෙක්ට්‍රෝනය මෙන් 1840 ක පමණ ස්කන්ධයක් ඇති වූ ද, පරමාණුවේ න්‍යෂ්ටියේ දක්නට ලැබෙන්නා වූ ද ධන ආරෝපණයක් සහිත අංශුවක්.
ප්‍රෝඩාව
නා. ප්‍රයෝගය ; වංචාව ; රැවටිල්ල.
ප්‍රෝත්සාහය
නා. දැඩි උත්සාහය ; මහත් ප්රයත්නය ; අධික උනන්දුව.
ප්‍රෞඪ
1. වි. උදාර ; තේජස් භාවයෙන් යුතු ; ආඩම්බර.
2. මැදිවියේ සිටින ; මුහුකුරා ගිය ; තලතුනා.
ප්රෞඪයා
නා. උදාර පුද්ගලයා ; අභිමානවත් තැනැත්තා ; ආඩම්බර පුද්ගලයා.
පා
1. නා.ප්‍ර. කකුලේ වළලු කරෙන් පහළ කොටස ; පාදය ; පය.
2. ඇඳ පුටු මේස වැනි උපකරණවල ආධාරකය හෙවත් කකුල.
3. පර්වත ආදියෙහි පහත් මට්ටම.
4. ගස්වැල්හි මුල ; රුක්මුල ; වෘක්ෂමූලය.
5. කණුව ; ඉන්න ; කුලුන.
6. රැස් ; රශ්මිය.
7. හතරෙන් පංගුව.
8. අත්තිවාරම ; පදනම ; පාදකය.
9. බඳුන ; භාජනය ; පාත්‍රය ; තැටිය
10. ප්රභූන්ගේ නිවාසය ; මන්දිරය ; ප්‍රාසාදය.
11. රුක ; වෘක්ෂය.
12. පව ; පාපය ; අකුසලය.
13. දිය ; පැන් ; ජලය.
14. කිරි ; ක්ෂීර.
15. කිරෙන් පිසූ බත ; කිරිබත.
16. පදය ; වචනය ; පද්‍යයක පාදය.
17. පැහැය ; ප්‍රභාව.
18. පෙළදහම ; ත්‍රිපිටක පාළිය ; බුද්ධ භාෂිතය.
19. පිහිට ; ආධාරය.
20. පාලනය කරන්නා ; ආරක්ෂකයා.
21. පියාපත ; පක්ෂපත්රය ;
22. පාශය ; පුඩුව.
23. අරණ ; වනය.
24. අපාය.
25. රාගය ; ආශාව.
26. පියා ; පිතෘ.
27. පඩි ; පියගැට.
1. වි. පිසන ල.
2. පානය කරන ; බොන.
පා පුවරුව
නා. බස්රිය දුම්රිය ආදී වාහනවලට නැඟීමට හා ඒවායින් බැසීමට තනා ඇති තට්ටුව.
පා පෙළ
1. නා.ප්‍ර. මන්දිර පඞ්ක්තිය ; ප්‍රාසාද පඞ්ක්තිය.
2. වැටක ඇති ඉනි පෙළ.
3. පියගැට පේළිය.
පා මුල
1. නා. පය ළඟ ; පාද සමීපය.
2. කන්දක් අවට පහත් බිම හා සම්බන්ධ වන ප්‍රදේශය.
3. නිදාගැනීමේ දී පා තබන පැත්ත ; පා තබන දිසාව.
පා ලීය
නා. ඉණිමඟ ; සෝපානය.
පා වරල්
නා.ප්‍ර. මාළුවාගේ (පිහිනීමට උපකාර වන) පා තටු.
පාංශු
1. නා.ප්‍ර. පස් ; මැටි ; දූවිලි ; ධූලි.
2. පෝර.
පාංශු ඛාදනය
(පාරිභා.) නා. ප්‍රධාන වශයෙන් වැස්ස, හිම හා සුළඟ කරණ කොට ගෙන පසේ උඩ තට්ටුව ගෙවීයාම.
පාංශු ජලය
(පාරිභා.) නා. පොළෝ පස් කැටිති තුළ හා පස් කුහරවල රැඳී තිබෙන ජලය ; පසෙහි අඩංගු ජලය.
පාංශු රසායන විද්‍යාව
(පාරිභා.) නා. පසෙහි රසායනික සංයුතිය හා පස්වල රසායනික විපර්යාසය පිළිබඳ ව හැදෑරීමේ විද්‍යාව.
පාංශු වයනය
(පාරිභා.) නා. බීජ රෝපණය සඳහා පස සකස් කිරීම.
පාංශු වාතය
(පාරිභා.) නා. පසෙහි අංශු අතර ඇති ඉඩ කොටස් තුළ රැඳී පවතින වාතය.
පාංශු විද්‍යාව
(පාරිභා.) නා. පස පිළිබඳ අධ්‍යයනය ; පස පිළිබඳ හැදෑරීම.
පාංශු විශ්ලේෂණය
(පාරිභා.) නා. විද්‍යානුකූලව පසෙහි අන්තර්ගත ද්‍රව්‍ය විභාග කොට බැලීම.