සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1062
ප්‍රීති ප්‍රමෝද්‍ය
නා.ප්‍ර. ප්‍රීතිය හා මහත් සතුට ; අතිශය සන්තෝෂය ; සාතිශය තුෂ්ටිය ; ප්‍රමෝදය හා ප්‍රීතිය
ප්‍රීති වාක්‍යය
නා. ප්‍රීතිය ප්‍රකාශ කරන වචන ; සතුට නිසා කියන වාක්‍යය ; උදාන වාක්‍යය.
ප්‍රීතිමත්
වි. අතිශයින් සතුටු ; කුල්මත් වූ ; ප්‍රමුදිත.
ප්‍රීතිය
1. නා. සිත හා කය පිනවීම ; බලවත් සතුට ; ප්‍රමෝදය.
2. අරමුණෙහි සිත පිනවීම ඇති කරන චෛතසිකය.
3. රතිය ; ඇල්ම.
ප්‍රේක්ෂකයා
1. නා. මනැසින් හෝ නුවණැසින් බලන තැනැත්තා ; චක්ෂුඉන්ද්රිය මගින් රූපාරම්මණ ග්‍රහණය කරන්නා.
2. නාට්‍යය ආදිය නරඹන්නා ; නාට්‍යය බලන්නා.
ප්‍රේත
1. වි. මැරී පරලොව ගිය ; මළගිය.
2. ප්‍රේතයන් උදෙසා දෙන හෝ තබන.
3. කෑදර ; ලෝභී.
නා.ප්‍ර. බුදු සමයෙහි දැක්වෙන සතර අපායෙන් එකක්.
ප්‍රේත ගොටුව
නා. මළගිය තැනැත්තන් උදෙසා ආහාරපාන ආදිය තබන තටුව ; පෙරේත තටුව.
ප්‍රේත දෝෂය
නා. ප්‍රේතයන්ගේ නපුරු බැල්මෙන් ඇති වන දොස් ; හිරිහැර.
ප්‍රේතයා
1. නා. ප්‍රේත ආත්මයෙහි උපන් පුද්ගලයා ; ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන අමනුෂ්‍ය කොට්ඨාසයකට අයත් තැනැත්තා.
2. හැසිරීමෙන් සහ විලාශයෙන් ඉතා පිළිකුල් කටයුතු පුද්ගලයා ; සිරුරින් සහ පැවතුමින් අපිරිසිදු තැනැත්තා.
3. දැඩිලෝභියා ; බලවත් මසුරා.
ප්රේතශය්යාව
නා. ප්‍රේතයන් නිදන ආකාරයට නිදා ගැනීම ; උඩුකුරු අතට සැතපීම.
ප්‍රේම විවාහය
නා. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ප්‍රේමය පදනම් කොටගෙන සිදුවන සරණ බන්ධනය ; ගාන්ධර්ව විවාහය.
ප්‍රේමණීය
වි. පෙම් කළ යුතු ; සෙනෙහස දැනවිය යුතු.
ප්‍රේමය
නා. ස්නේහය ; ආදරය ; ඇල්ම.
ප්‍රේමාවනද්ධ
වි. ප්‍රේමයෙන් වෙළුණු ; ආදරයෙන් මුළා වූ.
ප්‍රේරක
වි. යෙදී සිටින ; නියුක්ත ව සිටින ; මෙහෙයවන.
ප්‍රේරකය
1. නා. විද්‍යුත් ප්‍රේරණය සිදුකරන ද්‍රව්‍යය.
2. දාම ප්‍රතික්‍රියාවක ආරම්භක වියෝජනය සිදුකරන ද්‍රව්‍යය.
3. රසායනික ප්‍රති-ක්‍රියාවක වියෝජනය සිදුකරන ද්‍රව්‍යය ; ඔක්සිභවනය.
ප්රේරකයා
නා. යවන්නා ; මෙහෙයවන්නා ; ප්‍රේරණය කරන්නා ; දූත කාර්ය කරන්නා.
ප්‍රේරණ
1. වි. යවන මෙහෙයවන ; දක්වාලන.
2. බලකරන.
3. යොමු කරන ; ඵල සිද්ධියට පත් කරන.
ප්‍රේරණය
1. නා. මෙහෙයවීම ; යැවීම.
2. ක්‍රියාවක් කරවන පුද්ගලයාගේ මෙහෙයවීම.
3. නොගෑවි ළග තිබීමෙන් කාන්දම් බලය ඉපදීම.
4. බලකිරීම.
5. (සිතාසි යැවීම ආදි) නීති මාර්ගයෙන් සිදුකළ යුතු කටයුතු සිදු කිරීම.
ප්‍රේරණය කරනවා
1. ක්‍රි. යවනවා ; හරිනවා ; මෙහෙයවනවා.
2. චලනය කරනවා ; සොලවනවා.
3. යොදවනවා ; උපදවනවා.
ප්‍රේරිත
1. වි. යවන ලද ; මෙහෙයවන ලද ; දූත කාර්යයෙහි යොදන ලද.
2. ප්‍රේරණය වුණු.
ප්‍රේරිතයා
1. නා. යවනු ලැබූ තැනැත්තා ; මෙහෙයවන ලද්දා ; නියෝජිතයා ; දූතයා.
2. (ක්‍රිස්ති.) ධර්මදූතයා.
ප්‍රේෂණය
1. නා.ප්‍ර. ඇණවීම ; අයැදීම.
2. යම් තැනකින්, අවස්ථාවකින් හෝ ක්‍රමයකින් අනෙකට ගමන් කිරීම.
3. චෙක්පත් අණකර ආදිය මගින් තවත් කෙනෙකුගෙන් කෙනෙකුට යැවෙන මුදල.
ප්‍රොටෝසෝවා
(පාරිභා.) නා. තනි සෛලයකින් සමන්විත වීම නිසා සියලු ම සත්ත්වයන්ගෙන් වෙනස් වන ජීවීන් කොටසක්.