අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 384
ළෙටි
වි. ලෝභී; කුම්මැහි
ළෙන්ගත
වි. ඉතා හිතවත්; මහත් සේ ළැදි
ෆයිබර්ග්ලාස්
නා.ප්ර. පරිවාරකයක් ලෙස භාවිත කරන වීදුරු කෙඳි විශේෂයක්/ ඒ කෙඳි යොදා තනන දේ (ඉං. fibreglas)
ෆයිල්
නා.ප්ර. කඩදාසි ඇමුණූ ගොනුව/ පරිගණකයක පොදු නමක් යටතේ ඇති දත්ත සමූහය (ඉං. file)
ෆලූඩා
නා. කිරි මුසු පානයක්
ෆ්රීසරය
නා. අධිශීතකරණය (ඉං. freezer)
ෆාමසිය
නා. ඉංග්රීසි ඔසුසල (ඉං. pharmacy)
ෆැෂන්
නා.ප්ර. විලාසිතා; කාලීන මෝස්තර (ඉං. fashion)
ෆැසිස්ට්වාදය
නා. එනම් දේශපාලන මතවාදය (ඉං. fascist)
ෆූල්ස්කැප්
නා.ප්ර. ලිවීමට ගන්නා කඩදාසි විශේෂ්යක්; නිශ්චිත ප්රමාණයකින් යුත් කඩදාසියක් (ඉං. foolscap)
ෆොසිල
නා.ප්ර. පුරාණයේ විසූ ජීවීන්ගේ පාෂාණිභූත වූ කොටස් (ඉං. fossil)