අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 383
ළමන්දු
නා.ප්‍ර. මෑණි; මව
ළමයා
නා. තරුණ වියට නොපත් දරුවා
ළමා උද්‍යානය
නා. ළමා ක්‍රීඩාංගණය
ළමාතැනී
නා. ප්‍රභූවරයකුගේ භාර්යාව
ළමැඩිය
නා. පපුව මැද පෙදෙස
ළමැද
නා. පපුවේ මැද පෙදෙස
ළමිස්සිය
නා. ළමා වයස ඉක්මවා ගිය දැරිය
ළය
නා. සිත; හෘදය
ළයාන්විත
වි. සිත සතුටු කරවන
ළවග
නා. කැලයේ හටගන්නා ගින්න; දාවාග්නිය
ළවැලි
නා.ප්‍ර. අලුත් සුදු වැල්ල
ළසඳ
නා. පුර පක්ෂයෙහි පෑළවිය දිනයෙහි දක්නට ලැබෙන චන්ද්‍රයා; නව සඳ
ළසෝ
නා.ප්‍ර. සිතේ දුක
ළහිරු
නා.ප්‍ර. උදෑසන හිරු; පායාගෙන එන ඉර
ළා
වි. නොමේරූ; ළපටි; ලාමක
ළාබාල
වි. වයසින් අඩු; නොමේරූ
ළැදි
වි. හිතවත්; සිත්ගත්; විශ්වාසී
ළැපැළියාව
නා. අනිකකුගේ යස ඉසුරු දෙස ඊර්ෂ්‍යාසහගත සිතින් බලා නොමනාපයෙන් සුසුම් හෙළීම නිසා ඇතිවේ යයි සලකන අනතුර; හෝවහ
ළැම
නා.ප්‍ර. හෘදය පිහිටි තැන; ළය; පපුව
ළැව
නා. ඝන කැලය
ළැව්ගින්න
නා. වනයේ ගස් එකිනෙක ගැටීමෙන් හට ගන්නා ගින්න (සං. දාවාග්නි)
ළැහැබ
නා. එකිනෙක ළං ව වැඩුණු ගස් සමූහයකින් යුක්ත වන පෙදෙස
ළිං
නා.ප්‍ර. ළිඳ
ළිප
නා. පිසීම්, උණු කිරීම් ආදි කාර්යය සඳහා ගිනිලන උදුන
ළිහිණි
නා.ප්‍ර. කුරුල්ලකුගේ නාමය