අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 382

හොරණෑව

නා. කෙමෙන් සිහින් ව ගිය දිග කඳකින් හා පුළුල් අඩියකින් ද යුත්, කට තබා පිඹීමෙන් හඬ නංවන තූර්ය භාණ්ඩයක නාමය/ ප්‍රචාරක මාධ්‍යය; වර්ණනාව

හොල්මන

නා. අවතාරය

හෝදාපාළුව

නා. සෝදාපාළුව

හෝපලු

නා.ප්‍ර. ශාක විශේෂයක්; අශෝක

හෝවිලි

නා.ප්‍ර. ඔංචිල්ලාව

ළං

වි. දුර නොවූ; ආසන්න; සමීප

ළකල

වි. සිත්කලු; මනස්කාන්ත

ළගන්නා

වි. සිත් අදවන; සිත් ඇදගන්නා; මනහර

ළඟ

නා. සමීපය; නුදුර

ළඟා වෙනවා

ක්‍රි. පැමිණෙනවා; සැපත් වෙනවා

ළතැවිල්ල

නා. සිතින් දුක් වීම; පසුතැවීම

ළතෙත්

වි. කරුණාවෙන් තෙත් වූ සිත් ඇති

ළතෝනිය

නා. ශෝක විලාපය; දුක් අඳෝනාව

ළද

වි. තරුණ; බාල; නොමේරූ

ළදබොළඳ

වි. වයසින් අඩු/ සියුමැලි

ළදරු

වි. ළාබාල; ළපටි; බිලිඳු

ළදලු

නා.ප්‍ර. ළපටි දල්ල

ළන්ද

නා. කැලෑව; වනරොද/ ළඳ; කාන්තාව

ළඳ

නා. කාන්තාව; ස්ත්‍රිය

ළපටි

වි. නොමේරූ; වයසින් ඉතා අඩු

ළපලු

නා.ප්‍ර. දලුව; ළපටි කොළය

ළපැත්ත

නා. පපුව; හෘදය ප්‍රදේශය

ළබැඳියාව

නා. හිතවත්කම; මිත්‍රත්වය

ළම

නා.ප්‍ර. හද; පපුව